
(චන්දන හෙන්දුරුගොඩ)
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය අද දහවල් නියෝග කළාය.
පුත්තලම මහාධිකරණයේ ලේඛකාදීකාරීවරිය නඩුවක් ගොනු කරමින් පුත්තලම මහඅධිකරණ තුළ අධිකරණයට අපහාස වන අයුරින් හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කිරීම චෝදනා මත නිතිඥවරිය පුත්තලම මහාධිකරණ ඉදිරිපත් කළාය.
COMMENTS
හෙට වෙනකොට කියයි. එයාට මානසික ලෙඩක් කියලා වැරැදි වැඩේ කෙරුවාට පස්සේ...
විස්තර මදි. අපහාස කෙරුවේ උසාවි භූමියේ නැටුමක් ඉදිරිපත්කරලාද?
නියමයි, නියමයි. ඔන්න ඕක තමයි වෙන්න ඕනෑ. දේශපාලකයින්ට මේ රට හදන්න බැහැ. ගරු අධිකරණය අපරාධ කරන කොයි කෙනාටත් තරාතිරම නොබලා දඬුවම් කරනවා නම් මේ රට හැදේවි. අසරණ අපි වගේ නීති ගරුකව ජීවත් වන පුරවැසියෙකුට යන්න තියෙන අවසාන තැන තමයි ගරු අධිකරණය. ඒ නිසා ඒක රැක ගැනීම අපි කාගෙකාගේත් වගකීමක් හා යුතුකමක්...!
ඔය වෘත්තිය කරන එක්කෙනෙක් විතරක් රිමාන්ඩ් කරන එකේ තේරුමක් නෑ...