
(සුජිත් හේවාජුලිගේ )
තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
චාමර සම්පත් දසනායක මහතා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්දිරෙන් මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
සාමාන්‍යයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාටද ලබා දී ඇතැයි පැවසේ.
ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත.
මේ අතර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදරින් කෑම ගෙන ඒමට බන්ධනාගාර ප්‍රධානීහු පසුගියදා අවසර දුන්හ.
COMMENTS
වඩේ දෙක තුනක් නැතුව මිනිහාට ඉන්න බැහැ !!! කල කම් පව් පලදෙන්න පටන් ගත්තේ නැහැ තවම...
ඒ මහතාට ඒ අවසරය වහා සලසා දිය යුතුයි. නැත්තම් ඇඟ බැස්සොත් මානව හිමිකම් යයි.
ඇයි එතුමාට හිනත්න බැරි මේක එතුමගේ බර අඩුකරගන්න ලැබුණු හොඳ අවස්ථාවක් කියලා...!
හැමෝටම එහෙම අවස්ථාවක් දෙන්න පුළුවන්නම් හොඳයි. එතකොට රජයට බන්ධනාගාර සිරකරුවන්ගේ ආහාර සඳහා දැරීමට සිදුවන මුදල අඩු වෙනවා.
අනේ අපි නොදන්න පැදුරු කොට්ට….!
යකෝ ඇඟ, බඩ ටිකක් අඩුකර ගන්න හොඳ අවස්ථාව. ඕක කාලා හිටපන්. එතකොටවත් දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න ගැන, ඒ ජීවිත ගැන ටිකක්වත් අවබෝධ වෙයි...
මෙයා රජයේ මුදල් අවභාවිතා කර ඇති නිසා, මේ අයගේ මන්ත්‍රීකම අහෝසි කරන්න කටයුතු කරන්න. මෙයා කපටි රනිල්ගේ ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට රින්ගා ගත්තු හොරෙක්...
"ගෙදර කෑමවල ගුණවත් භාවය බඩ ගෙඩිය දිහා බැලුවහම හොඳටම පෙනෙනවා" කියලා කියන්න නම් එපා ඔන්න...
ඒක හොඳයි.. ඒ කෑමවලින් තව තුන්දෙනෙකුට කන්න දෙන්න පුළුවන්..!
හයියෝ මෙහෙම ජරා කෑම කන්න කාටද පුළුවන්? ගෙදර අම්මණ්ඩි උයාපිහා දෙන රස කෑම අහලකවත් මෙහෙම දෙවල් කිට්ටු කරන්න බැහැ..!!!