රාජ්ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් එක් දහස් පන්සියයක මුදලක් විභාග දෙපාර්තමේන්තුව මගින් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.