පොහොට්ටුවේ මාතර කට්ටියත් රනිල්ට මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද සිදු විය. 01 August 2024
ලේකම් කචල් නම් නාම යෝජනා නෑ ලේකම්වරුන්ගේ අර්බුද පවතින දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී නාම යෝජනා ඉදිරිපත් කිරීමෙ අවස්ථාව නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 01 August 2024
පොලිසියේ පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධූරයේ වැඩ බැලීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත. 01 August 2024
ආයතන ලොක්කන්ටත් මැකෝ එන්න කියයි ජනාධිපතිවරණයේ කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීමට සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 01 August 2024
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගිනිඅවි බලපත්‍ර දුන්නලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය. 01 August 2024
රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ අද (1) දහවල් මාර්ගය අයිනේ කතාබස් කරමින් සිටි දෙදෙනෙක් දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 01 August 2024
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිල රථය අනතුරක පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා රාජකාරි සදහා ඊයේ (31) යමින් සිටියදී මෝටර් රථය ලොරි රථයක ගැටී අනතුරකට ලක්ව ඇති අතර පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 01 August 2024
ජනාධිපති ශිෂ්‍යත්ව වාරික අද බැංකු ගිණුම්වලට ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාල ශිෂ්‍යත්ව වාරික මුදල් අද (1) ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 01 August 2024
ඉන්දීය ධීවර යාත්‍රාව පෙරැළි අයෙක් මරුට :අයෙක් අතුරුදන් යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවක් මගින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට යමේදී අද (01) අදාල ඉන්දීය ධීවර යාත්‍රාව පෙරලී සිදු වූ අනතුර හේතුවෙන් එක් ඉන්දීය ධීවරයෙකු මිය ගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පැවසීය. 01 August 2024
පොහොට්ටු අපේක්ෂක ලබන සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 01 August 2024
ඡන්දෙට මානව කොමිසමත් වැඩට බහී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට (2) නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 01 August 2024
මෛත්‍රීට පැන වූ වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය ඔක්තෝබර් මස 04 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (01) නියෝග කළේය. 01 August 2024
IMF නියෝජිතයෝ - රනිල් අතර හමුවක් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 01 August 2024
දුම්රිය ආසන් වෙන්කිරීම පරණ වෙලාවටම දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන්කිරීමේ වේලාව අද (1) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 August 2024
පළාත් ආණ්ඩු නවයටත් වගකීම් දෙනවා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 August 2024
ඩයනාට චෝදනා කියවයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පැවරූ නඩු හතෙහි චෝදනා කියවාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී අද සිදු කෙරිණි. 01 August 2024
පොල් රා මදින්නා ගසින් වැටී මරුට බේරුවල හෙට්ටිමුල්ල නුගගහපාර ප්‍රදේශයේ පොල්ගස් අනූවක අතුරක මල් කැපීමේ කටයුතුවල නිරතව සිටි පොල්රා මැදීමේ වෘත්තිකයෙකු එම අතුරේ මීටර් 25ක පමණ උස පොල් ගසකින් පයලිස්සා ඇද වැටී බරපතල තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 01 August 2024
ගාසා ළමා අරමුදලට තවත් සල්ලි එපා “ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. 01 August 2024
අක්කර ලක්ෂයක රබර් වවන්න යයි වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 August 2024
ලිට්රෝ ගෑස් මිලත් වෙනස් නොවේ ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 01 August 2024
විජයදාසත් ඇප තියයි හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. 01 August 2024
අගෝස්තු ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි. 01 August 2024
අනුරාධපුරේ නිධන් හෑරු අටක් අත්අඩංගුවට අනුරාධපුර විජේපුර සහ තෙලබුගස් වැව ප්‍රදේශවල නිදන් හාරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව ගලෙන් බිඳුනු වැව සහ අනුරාධපුර යන පොලිසි පවසයි. 01 August 2024
කුඩා කාලයේ කේට් කුමරියට සැත්කමක් කරලා කේට් කුමරිය, යොවුන් දැරියක කාලයේ, ඇගේ හිසේ සැත්කමක් සිදු කර ඇති බවත්, හිසේ ඇති වුණු ගැටිත්තක් එම සැත්කමින් ඉවත් කෙරුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. 01 August 2024
අලවංගුවෙන් ගසා මස්සිනා මරලා උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඔහුගේ මස්සිනා විසින් අලවංගුවකින් පහරදි අද (01) අලුයම ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 01 August 2024
පළාත් කිහිපයකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 August 2024
ත්‍රි‘මල මන්ත්‍රීත් රනිල් සහායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී කපිල නුවන් මහතා අතුකෝරල මහතා පවසයි. 01 August 2024
ඊශ්‍රායලයට පහර දෙනු ! කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ. 01 August 2024
කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට? කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 01 August 2024
පොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලකන්න රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025