
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වික්‍රම් මිස්රි මහතා පසුගියදා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවහොත් මෙරට සිවිල් යුද්ධයට මැදිහත්වී සිටි ඉන්දීය සමා සාධක හමුදාව 1980 දශකයේදී මෙරටින් පිටවීමෙන් පසුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළැඹෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
චීනය ශ්‍රී ලංකාව සමග ඇති ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරන මොහොතක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙලෙස ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී බලශක්ති සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය සහ බහු-ආංශික ප්‍රදාන ආධාර යන අංශ යටතේ අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් කිරීමට නියමිතය.
එලෙස අත්සන් තබන අවබෝධතා ගිවිසුම් අතරට ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමද ඇතුළත් වන බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර එළැඹෙන 5 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡා ව අවසානයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ඇති බවත් මිස්රි මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1 එක්ටා, 2 ත්‍රිකුණාමලය තෙල් ටැංකි, 3 මන්නාරම පාලම 4 ඉන්දියාව සිට අනුරාධපුරය දක්වා විදුලි රැහැන් පද්ධතිය සහ මෙතෙක් නොකියපු ගිවිසුම් 2 යි මේවා නේද ඔය කියන ගිවිසුම් හය. ඇයි ජනතාවට හෙළි කරන්නෙ නැත්තෙ
හම්මේ ඉතින්, මේ අර "ඉන්දියානු ව්‍යාප්තවාදයක් " ගැන නන් දොඩවමින්, ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් සැලකිය යුතු කාලයක් රට මුලා කළ වසවර්ති පක්ෂයේ මිනිස්සු නේද! ඒ අතීතය අමතක කළත්, මේ ඊයේ පෙරේදත්, ඉන්දියාවට ගරහමින්, ශ්‍රී ලංකාව ඉන්දීය කොලනියක් වන බවට කෑ ගසමින්, මෙරටට පැමිණි ඉන්දීය ආයෝජන නැවත හරවා යැවූ කඩාකප්පල්කාරීන්ගේ මුලිකය නේද දැන් තොත්ත බබා න්‍යායයෙන් ඉන්දීය නායකයන් සමග කටයුතු කරන්නේ! ලැජ්ජාවක් නැති උනාම මේවා සුළු දේවල් බව තමයි "මොරාල් ඉස් ද ස්ටෝරි"!
ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන අනුරගේ NPP එක අමතක කරා වගේ . දැන් JVP නොවේ, NPP නේ!
කලින් ආණ්ඩුව ගිවිසුමක් ගැන කතා කලත් වර්ජන තර්ජන ගෙනවිත් රට අවුල් කල පිරිස්ම දැන් ඒ ගිවිසුන් අස්සන් කරනවාට අපේ සීයා කියන්නේ ඌරා පිටේ තියාගේන ඌරු මාළු කපනවා කියලයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති බූවල්ලා
අවුරුදු 76 ක් තිස්සේ කකුලෙන් ඇදලා ඇදලා දැන් කකුල ලෙවකනවා ලැජ්ජයි ඔයා ගැන
සාධාරණ කොටා
චේතිය රජු...