
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය රාමසාන් දින පණිවිඩයෙන් පවසයි.
රාමසාන් උත්සවය අපට සිහිපත් කර දෙන්නේ සහජීවනය, ඉවසීම, යුක්තිය සහ සාමය අරමුණු කොටගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද අග්‍රාමාත්‍යවරිය කියයි.
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්ධිය සහ අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
රාමසාන් යනු ගැඹුරු පසුවිපරම, යාච්ඤාව සහ ස්වයං විනය පිළිබඳ කාලයක් මෙන්ම එය අපට අනුකම්පාව, ත්‍යාගශීලීභාවය සහ එකමුතුකම යන වටිනාකම්ද උගන්වන කාල පරිච්ඡේදයකි. මෙම ශුද්ධ මාසයේ අපගේ මුස්ලිම් සහෝදරත්වය අනුගමනය කරනු ලබන උපවාසය භක්තියේ ක්‍රියාවක් පමණක් නොව, අව වරප්‍රසාදිත අපේම සහෝදර ප්‍රජාව මුහුණ දෙන අරගලයන් පිළිබඳ සිහිපත් කිරීමකි. එය පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමඟ අපගේ බැඳීම් ශක්තිමත් කරන අතරම ඉවසීම, නිහතමානිකම සහ කෘතඥතාව වර්ධනය කිරීමටද හේතුවන කාලයකි.
එහි හරය තුළ, කරුණාව දැක්වීම, සමාව දීම සහ පුණ්‍ය කටයුතුවල යෙදීම වැනි මානව හිතවාදී ක්‍රියාවන් අන්තර්ගතය. මෙම කාලය තුළ පිළිපදින සකාත් සහ සදකා පිළිවෙත, අවශ්‍යතා ඇති අය සමඟ බෙදා හදා ගැනීමේ වැදගත්කම පිළිබිඹු කරන අතර සැබෑ සමෘද්ධිය යනු අනිකාට නැගී සිටීමට අතදීම බවද අපහට සිහිපත් කරයි. මෙම වටිනාකම් විශ්වීය වන අතර ඉස්ලාම් බැතිමතුන් පමණක් නොව සියලු ජන ප්‍රජාවන් සමඟ ගැඹුරින් බැඳී පැවතිය යුතුය. එසේම ඒවා විවිධ ඇදහිලි සහ නොයෙක් ආගමික සමාජීය පසුබිම්වල ජනතාව අතර සමගිය සහ අවබෝධයද පෝෂණය කරනු ඇත.
උපවාස මාසය ප්‍රීතිමත් ඊද් උත්සවයෙන් අවසන් වන නමුත්, මේ රාමසාන් උත්සවයේ වටිනාකම් වන අනුකම්පාව, එකමුතුකම සහ පරාර්ථකාමීත්වය - අපගේ දෛනික ජීවිතයට එක්කර ගැනීමට කටයුතු කරමු. මෙම ආශිර්වාද ලත් මාසය අපසැමටත් සමස්ථ රටටත් ජාතියටත් සාමය සහ සෞභාග්‍ය පිළිබඳ පණිවිඩය ගෙනෙනු ඇත.
COMMENTS
අගමැතිතුමියණි, මම ඔබට ගොඩක් ආදරෙයි. ගරැ කරනවා, ඒ වගේම අනුර ජනාධිිපතිතුමාටත් ඒ වගේම ආදරෙයි ගරැ කරනවා. නමුත් මතක කියා ගන්න පිට වගේම ඇතුලෙත් හොරැ ඉන්න බව. ඒ කියන්නෙ හොර කම් කරනවා කියන එක නොවෙයි. නමුත් පුතිපත්ති අතින් ගැල පෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දෙපළම ඔයිට වඩා තදින් ඉන්න ඕනේ
එහිදි තීරණ ගන්නේ නැතුව ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ.... පක්ෂය සහ බලය ගැන නොහිතා නීතිය බල ගැන්වීමත් එය ක්‍රියාත්මක කිරිමත් උපරිම උත්සහයක් ගත යුතුයි
ඔය කියන සහජීවනය එයාලා ළඟ නෑ. ඒක බොරු වදනක් විතරයි. එයාලාගෙ ප්‍රජාණනය ම විකෘතියක්.
සියල්ලටම කලින් ජාතික ආරක්ෂාව හදාලා ඉන්න... ජාතික ආරක්ෂාව තියා පොලිසියටවත් ආරක්ෂාවක් නෑ...
ලොක්කාටම හරියන කෙනො මෙයාත් කියපු එකක්වත් කරන්නේ නෑ... ඔක්කොම අමතකයි.. බොරු බයිලා විතරයි
හැපී රාමඩාන්...!