
(අංජුල මහික වීරරත්න)
පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ මැයි 6 වැනිදා පුංචි ඡන්දයෙන් පසු විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් බව ද රණවක මහතා කීය.
‘පැන්සල’ ලකුණින් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය ට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පැවති ජනහමුවට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
"මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කීයද පාඩුව? කෝටි 830 ක්. එතකොට කවුද මේවා ගෙවන්න යන්නේ? මතක තියාගන්න. මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට.මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා ඒ පාඩුව පියවගන්න යන්නේ යනුවෙන්ද රණවක මහතා කීය.
COMMENTS
ඡන්දෙන් පස්සේ අපිට වෙන වැඩේ කියන්න කලින්, ඡන්දෙන් පස්සෙ ඔයාට වෙන වැඩේ කියන්න පුළුවන්ද?
මෙයා විදුලිබල ඇමති වෙලා හිටියානම් ගෙදරින් ගෙනල්ලද පාඩුව පියවන්නෙ? බලයේ හිටපු කාලේදී එහෙම වෙන්න ඇති කරන්න ඇත්තෙ?
තමන් හිටපු ආණ්ඩුවල ඔය වගේ ඒව නිසා වෙච්ච පාඩු අයකරගත්තද? මේක හිතාමතාරජය කල දෙයක් වගේ මේ ළදරු ආණ්ඩුවට මෙයා චෝදනා කරන්නෙ. අමතකද බැඳුම්කර මගඩිය වෙනකොට තමුන්නැහැ ඒ රජයෙ ඇමති.
විසඳුම නිලධාරීන්ට දැඩි දඬුවම් කිරිම
ඒ ගැන කිසිම වගවීමක් නෑ. වෙන රටක නම් කට්ටියට ගෙදර. පාර්ලිමේන්තුවට පනතක් ගේන හැම වෙලාවකම රට පුරා විදුලිය නැතිවෙනවා. මේවා ගැන හොයනව මදි. ඔවුන් ඒකාධිකාරයක් හදාගෙන.
පක්ෂ විපක්ෂ හැමෝම කටවහගෙන අපේ කොමිස් කුට්ටිවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න. ඇඟිලි ගහන්න ආවොත් මීට වැඩිය ලොකු පාඩුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..
පිට රට වැසියා සහ සෙනෙවිරත්න නොදන්නා දේවල් කතා කරන්න එපා. මම මෙතුමාගේ දේශපාලනය එකඟ නොවුණත් ඇත්ත කියනවා. මොහු විදුලිබල සහ බලශක්ති ඇමැති වෙලා හිටපු කාලේ මණ්ඩලේ ලාභ ලැබූ බව ඔබලා දන්නේ නැද්ද?...
මුන්ගේ බැංකු ගිණුම් වත්කම් දේපල විගණනයක් කළා නම් හොදට හොයා ගන්න පුළුවන් හිතවත් කම් ගැන
මේයා කියන දේවල් කවුරුවත් වැඩිය ගනන් ගන්නේ නැහැ. මොකද ගල් අඟුරු වලින් ලාබයි.
මිනිස් ලේ ඉල්ලන ජාතිවාදීන්... !!!