
(අංජුල මහික වීරරරත්න)
මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් ගොඩනැගීමට දරන උත්සාහයේදී රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාමසාන් දින පණිවිඩයෙන් පවසයි.
ජනාධිපතිවරයා මෙසේද කියයි.
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.
ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කමයි. ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමත්හු සලකති.
සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තන රැසක් සමග දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ මේ රටේ ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමුහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට අප තබන පියවරේදී ඉස්ලාම් දහම තුළ වන මෙම ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බව මම විශ්වාස කරමි.
ආගමික සීමා අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බව සහ සාමුහිකත්වය ආමන්ත්‍රණය කරන්නා වූද, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රකට කරන්නා වූද ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
පුනරුද යුගයක අපේක්ෂා ඉටුවන සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් ඊදුල් ෆිතර් සැමරුමක් වේවා !
ඊද් මුබාරක් !
COMMENTS
දේපල වෙනස්කිරීමේ ව්‍යාපාරයේ නිර්මාතෘ ගෙන් ජනතාවට උපදෙසක්
හැම රෙද්දක්ම දේශපාලණයක්. ඒක තමයි දැක්ම.
ජනාධිපතිතුමනි, ඔබ අපට ආඩම්බරයකි. කරුණාකරලා රටේ තියෙන මේ මූලික ප්‍රශ්න විසඳන්න, එතකොට ඔබ පවසන ආදි දේ ලබාගත හැක. නීතිය ඉහළින්ම ක්‍රියාත්මක නොකිරීම – (අවංක හා දක්ෂ ප්‍රධාන විනිසුරුවරයා සහ අටර්නි ජනරාල් පත් කර ඔවුන්ගේ සේවය සොයන්න.) රජයේ අමාත්‍යංශ කාර්යක්ෂම නොවීම – (අමාත්‍යංශ වලට ඉලක්ක නියම කරන්න.) ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, යටිතල පහසුකම් – අද රටට නොගැලපෙන ප්‍රවේශයන්. (බලධාරීන්ට KPI (Key Performance Indicator) ලබාදෙන්න, ඒවා නොකළොත් දැඩි තීරණ ගන්න.)
කන්ටේනර් 323 ගැන හොයමුද? කැම්පේන් ඒකට පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තුවට එළියට දාන්න බැරිද ?
රාමසාන් දවසේ ඉදලාවත් පච දේසා බාන්නේ නැතුව ඉන්ඩ අධිෂ්ඨාන කරගන්න
අලුත් සංස්කෘතියක්? මට නම් පෙනෙන අලුත් සංස්කෘතියක් නම් නැහැ, මට පෙනෙන එකම දේ ආණ්ඩුවේ ඉහළම ලොක්කන් ටිකක් නම් මාරු වෙලා එච්චරයි, රට යන්නේ පරණ පීල්ලේ පරණ කෝච්චියම තමයි. මිනිස්සුත් පරණ මිනිස්සු, ඊළඟ අර්බුදය එනකම් ඔහොම යමු...!
ඡන්ද ගන්න ධර්ම ටෝක්...!