
(බී.ජි. චතුරංග )
අනුරාධපුර , කවරක්කුලම ඒ 13 මාර්ගයේදී, විදෙස් ජාතික යුවළක් ගමන් කරමින් තිබූ මෝටර් රථයක යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වීරසෙබළ මාවත, සුචරිතගම,අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි 31 හැවිරිදි පෙදරේරුවෙකි.
කවරක්කුලම මාර්ගයේ අනුරාධපුර දෙස සිට කවරක්කුලම දෙසට ගමන් කළ මෝටර් රථයක් කවරක්කුලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරු පැදියක් 11වැනි කිලෝ මීටර් කණුව අසලදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෝටර් රථ රියදුරා වන කඩවත බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
කාරෙක හරි ලේන් එකේ තියනව වගේ පේනවා. අවුරුදු 31 යි. අපරාදේ තරුණ ජීවිතයක්.
මෝටර් සයිකලේ ගිය මහත්තයා ඉස්සරහින් වාහන එනවා කියලා බලන්නේ නැතිව ඉස්සර කරන්න ගිහින් වගේ. සිහි කල්පනාවෙන් යන්න ඕනෑ...
මෝටර් බයික් පදින බහුතරයක් යහතින් ඉන්නෙ කාර් පදින අයගෙ අවදානය නිසා. බහුතරයක් බයික් පදින අය ඔහේ පාරට ඔබනවා දෙපැත්ත බලන්නෙ වත් නැතුව