
(නිමල කොඩිතුවක්කු)
හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.
විදේශ සේවා වලට පත්විම් ලබදිමේදී ඒ පත්විම් ලබා දෙන්නේ විදෙස් සේවයේ සිටින නිලධාරින්ට බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුවත් එම ප්‍රතිපත්ති සියල්ලම අද වනවිට ආණ්ඩුව උල්ලංගනය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාද හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්ට තනාපතිධුරයක් ලබාදුන් බවත් අනුර කුමාර සහ ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවන්හි අද වනවිට වෙනසක් නැතැයිද රහුමාන් මහතා කීවේය.
තානාපති සේවය සඳහා නව පත් කිරිම් 14 ක් සිදුකර ඇති බවත් ඒ පත්විම් තුළ විදේශ සේවයේ සිටින එක පුද්ගලයකු පමණක් සිටින බවත් ජාතික ජන බලවේගයෙන් කොළඹින් ඉල්ලලා පරාජය වූ අයෙකුටත් තානාපතිධූරයක් පිරිනමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
මාලිමා ආණ්ඩුව ක්‍රමවේදය පරිවර්තනයක් කරනවා යැයි පවසුවත් කිසිදු පරිවර්තනයක් සිදුව නොමැති බවත් කලින් සිටි ජනාධිපතිවරු සිදුකළ දේම වර්තමාන ජනාධිපතිවරයාත් සිදුකරන බවත් රහුමාන් මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ප්‍රකාශයේ මොකක් කිව්වත්, ඔයාලාගේ ආණ්ඩු කරපු විදියටම කරනවා නම්, ඒවා වැරැදි වැඩ වෙන්න බෑනේ, නේද?
ඒ කියන්නෙ, කරනවනං ඔහෙල කලා වගේ ‘නියම්’ ආකාරයෙන් බලපෑම් කරන්න කියලද?
එහෙනං අපි ඒක අර හාල් මුදලාලිට දෙමු ?
මාලිමාව ජනතාව රවට්ටුව බවත් එයාලට මේක කරගෙනයන්න බැරි බවත් දැන් ඉතා පැහැදිලියි නමුත් පුතානෝ අවොත් තානාපති වරුන්ලෙස විදේශ සේවයෙන් පිටස්තර අය මෙවැනි තනතුරු වලට පත් නොකරනවා යයි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ . උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි . කොන්දක් ඇති අවංක මිනිස්සු නම් දැනගන්න ඕන කවුරු මොන තනතුරු දුන්නත් තමන්ට නොගැලපෙන දේ බාරනොගෙන ඉන්න . අන්න ඒ අතින් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා උතුම් මනුස්සයෙක් .
රාජපක්ෂලා බලයේ හිටපු කාලේ දේසපාලුවන්ගේ හෙන්චයියන්ට,කඩේ ගිය ගායිකාවන්ට තානාපතිකම් දීම ගැන තමුන්ට අමතක වෙලා ?.ජාත්‍යන්තර සම්බන්දතා පිළිබඳ දැනුමක් ඇති ,උගත් ,සුදුසුකම් ඇති ,බාෂා පිලිබද දැනුමක් ඇති අය තමා මේ රටවල තානාපති සේවයට පත් කරන්නේ?
මාලුමාවුන් කලින් කිව්වේ තානාපතිසේවයට බඳවා ගන්නේ, තානාපති විදියට පත්කරන්නේ විදේශ සේවයේ නිලධාරීන් කියල, විදේශ සේවයට ගෑවිලාවත් නැති මහා රොත්තක් දැන් පත්වීම් අරගෙන තිබෙනවා. උනුත් කටින් බතල ඉන්දන උන් කියල මිනිස්සුන්ට තේරිලා ඉවරයි
ජනාධිපති හරියට වැඩේ කරගෙන යනවා .උඹලා බංකොලොත් වේගෙන යනවා .කට පියන් ඉන්න
මොහාන් පීරිස් අගවිනිසුරු වරයාවත් ඔය තනතුරටම පත්කළාම කට වහගෙන හිටියේ මොකද?