(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.
ලබන අප්‍රේල් 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරය සිහිපත් වන බව කී ජනාධිපතිවරයා එදිනට පෙර ඊට වගකිව යුත්තන් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බව සඳහන් කළේය.
වංචා දූෂණ පරීක්ෂණ මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.
වංචා දූෂණ අපරාධ ආදියට සම්බන්ධ හිටපු ඇමතිවරුන් තුන්දෙනකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර ඉදිරියේදී එවැනි තවත් ගොඩක් ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීය.
පාර්ලිමේන්තුවේ හිටපු අය ගැන ලැයිස්තු ගණනාවක් ඉදිරි දිනවලදී දැනගැනීමට ලැබෙනු ඇතැයි කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජය මහජන දේපොළ නාස්ති කරන සංස්කෘතියට තිත තබා තිබෙන බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය වෙනුවෙන් දෙයියන්දර පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා
සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 30 March 2025 08:15 PM
ඉස්සර කිව්වෙ "සිත නිවන කතා " දැන් අප කියන්නේ " ජන්ද හිඟන කතා " කියලා .
prasanna Sunday, 30 March 2025 08:59 PM
බයිලා තමයි... ශානි ආරක්ෂා කරගෙන, වෙනත් දේශපාලන පලිගැනීමකට තමයි ඔයා සරසන්නේ. මෙවර පළාත් පාලන චන්දේ ජනතාවට තිරණාත්මක එකක්... යුද්ධය දිනාපු හමුදාප්‍රධානින් බේරගැනීම ජනතාවගේ වගකීමක්.
ගුණරත්න Sunday, 30 March 2025 09:59 PM
බුහ හ හ, අපි කවුරුත් දන්නවා ඕකට වගකිවයුතු මරාගෙන මැරුණු කාලකන්නි ත්‍රස්තවාදීන් කියල. මට තේරෙන්නේ නැත්තේ ඇතැම් පිරිස් කොහොමද මේක වෙනස් විදියකට දකින්නේ කියල. සල්ලි දීලා මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරවන්න කාටවත් බැහැ, මොකද මළොත් සල්ලි මොනවා කරන්නද? ඉතින් එහෙම කරන්න පුළුවන් උපරිම මොළ සේදීමක් කරලා විතරයි, ආගමික අන්තවාදීන් එහෙම කරනවා, කොටි ත්‍රස්තවාදීන් එහෙම කළා.
Wanidu Sunday, 30 March 2025 10:24 PM
පෙම්ලොවෙදී දුටු ඔහුමද මේ .ඔබටද මා අන්ද උනේ
පිටිගල මිලානෝ Sunday, 30 March 2025 10:54 PM
ගෝටාට මෙට්ටයක් ඕන වෙයිද….? චාමරයගේ පැදුරේ අයිනක් දෙනවාද…..?
එක මිටට... Sunday, 30 March 2025 11:14 PM
නැගිටපල්ලා නැගිටපල්ලා, සැවොම බලා සිටි පුනරුදය ඇවිල්ලා... සොරුන් අල්ලා ගෙලෙන් සොලවා, දමයි දඟගෙයි චන්දයට පසුදා...
Nandalal de Silva - France Monday, 31 March 2025 12:55 AM
රටක ජනාධිපතිවරයකු දේශපාලන, මැතිවරණ වෙදිකා වලදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සදාචාරාත්මකද, නීත්‍යානුකූලද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා. කූල් රූම් එකට පිංසිදු වෙන්න කළු කබායට රිංගා ගත් අර මැදමුලන නාමල් නාම්බා වගේම මටත් නීතිය පිළිබඳව දැනුමක් නැති නිසා, මෙම ප්‍රශ්නයට පිළිතුරක් දන්න කෙනෙක් ඉන්නවනම්, කරුණාකර පොඩි කොමෙන්ට් එකක් දාන්න... ස්තූතියි !!!
Gamini Monday, 31 March 2025 01:36 AM
අම්මෝ උදේට දැක්කොත් කැදත් නෑ
ඩොන්ග එස්. මුදියන්සේ Monday, 31 March 2025 01:43 PM
ඔයා උදේටත් බලනවද ඒක...?
රටාවැසියෙක් Monday, 31 March 2025 08:33 AM
ශ්‍රීලංකා අපිට ඕවා වැඩක්ම ඇති කතා නෙමෙයි. ඔය වැඩ පොලිසියටය්, අපරාධ අංශයටයි බාරදෙන්න. ඔබතුමාගේ කාරිය හරියට කොරන්න.
prasanna Monday, 31 March 2025 10:26 AM
මේක කරේ අර ගෙවල් සහ දේපොල ගිනිතියාපු මොංගල් සංවිධානයේ සෙට් එක.
නන්දන පනා-මිලානෝ Monday, 31 March 2025 11:38 AM
ගුණරත්න…. පාස්කු මහ මොළකරුවන් කලේ පල්ලමේ නවත්වලා තිබ්බ කාර් එකක බ්‍රේක් බුරුල් කරලා මාරුවුණා වගේ වැඩක්… ඔහේ හිතනවාද බෝම්බ බැඳගෙන ගියේ සලේයි, ගෝඨාභයයි කියලා අපි හිතනවා කියලා…?
Romesh Tuesday, 01 April 2025 01:37 AM
නන්දන මිලානෝ සමහර ජෙප්පෝ එච්චරටම මෝඩයි
Doni Tuesday, 01 April 2025 01:39 AM
කයියනායක කියන්නේ එකනේ.. පේනවානේ මූන දැක්කාම