IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ.

මෙම පුද්ගලයා එම ගමනාන්තය සඳහා රුපියල් 1,200කට මිලදී ගන්නා ප්‍රවේශපත්‍රයක් විදේශීය සංචාරකයන්ට රුපියල් 13,000ක මුදලකට අලෙවි කොට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මාස 05ක කාලයක් තුළදී අවස්ථා 92කදී ඔහුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගෙන තිබෙන බවත් ඊට අමතරව වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්ද භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදීගෙන ඇතිි බවයි.



අදහස් (1)

දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ගුණරත්න Monday, 31 March 2025 04:02 PM

ආණ්ඩුව මහා ජාවාරම්කරුවෙක් අල්ලන් හුරේ...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site