
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු වන කපුමහතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන කපුමහතකු සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකි.
මියගිය පුද්ගලයාට පහරදුන් බවට සැකපිට තවත් සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි. එම පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ ගණේමුල්ල, කළුවලපාර ප්‍ර දේශයේ පදිංචි අනුෂ්ක දයාන් වීරසිංහ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල අනාරක්ෂිතයි