
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා විවිධ ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
තානාපති කාර්යාල, විවිධ අමාත්‍යාංශ සහ ආයතන, විශ්ව විද්‍යාල මේ අතර වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්ව විද්‍යාල එම ඇමති නිවාස ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යෑමටය.
මෙයට අමතරව විනිසුරුවරුන් කිහිපදෙනෙකුද තමන්ට එම ඇමති නිල නිවාස දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
මෙම ඇමති නිල නිවාස ආර්ථික වශයෙන් ඵලදායී වැඩපිළිවෙළකට යොදාගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.
එම කමිටු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.
වර්තමාන රජයේ ඇමතිවරුන් ඇමැති බංගලා බාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
කොළඹ පිහිටි ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.
2025 නොවැම්බර් මස 04
767
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමැති බංගලා තානාපතිවරුන්ට