IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්

(අංජුල මහික වීරරත්න)

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්⁣ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද සාකච්ඡා විය.

කොළඹ නගරයේ  මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ  හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව  යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු  ජාතික ආර්ථිකයට දායකත්වයක්  ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ  එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද මෙහිදී  සාකච්ඡා විය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍



අදහස් (7)

මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්

Dahnushka Friday, 28 March 2025 07:34 PM

මෙයා ආපු දවසේ ඉඳන් මේ පාර හදන්න උපදෙස් දෙනවා. තාම වැඩ අල්ලලාවත් නෑ.

:       18       24

Janitha Saturday, 29 March 2025 12:20 AM

කොහෙන්ද දන්නැහැ උපදෙස් දුන්නේ...?

:       2       6

Banda Saturday, 29 March 2025 06:50 AM

කොයි පැත්තෙන්ද දන්නේ නැහැ උපදෙස් දෙන්නේ...?

:       2       4

Nihal Saturday, 29 March 2025 12:16 PM

එතකොට මීරිගම අපි දකින්නේ හොල්මන්ද?

:       3       3

Saman Saturday, 29 March 2025 12:28 PM

ඒ කාලෙ එහෙමයි මේ කාලෙ මෙහෙමයි...!

:       2       3

prasanna Saturday, 29 March 2025 05:22 PM

ඕක බොරුවක්...!

:       2       3

Ranfer Saturday, 29 March 2025 06:18 PM

ඒ පැත්තේ බල්ලන්ට මේ පැත්තට එන්න බැරි වෙනවා..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 767 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site