
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදීය.
එම සමාගම අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය කර ඇතැයිද සභාපතිවරයා ඒහිදී ප්‍රකාශ කළේය.
කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති විරාජ් සිල්වා මහතා පැවසුවේ එම ගිවිසුම තමා හිතා මතා කල් නොදැමූ බවයි.
COMMENTS
එයාලාට විරුද්ධව කතා කරන නිසා බොරු චෝදනා දාලා ඇතුලේ තියන්න හදන්නේ. බොරුවෙන් ජයගන්න බෑ කවදාවත්...
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට එලාම් එක වදිනවා. ආයෙත් මුලක ඉඳලා ඊයේ කරපුවාම අදත් කරනවා.
වැඩිය කෑගහන්න ආවොත් ඔක්කොම ඇතුළට දානවා. දන්නේ නැතිවයි මගෙ හිතේ..
මේ සමාගමට මැණික් ගරන්න දුන්නා නම් සමන්ත විද්‍යාරත්නලා සතුටෙන්, එකනේ ඔය කියන්නේ. පාර්ලිමේන්තුවේ 159 ටම මේ මනුස්සයා ප්‍රශ්නයක් කියලා පේනවා. ඒකාලේ අල්ලනවා කිව්වේ බැසිල්ලා කළා කියන බිලියන ගණන් වල හොරකම්. අද මොනවාද මේ මාලිමාව කරන විහිළු වැඩ...? මේ දේශපාලන පළිගැනීම් නෙමෙයිද?
ක්‍රමයෙන්, මහන්සියෙන්, අනන්දුවෙන් සල්ලි හොයලා දියුණු වෙන්නේ නැතිව ඉක්මණින් හොයන්න ගියාම ඔහොම වෙනවා චාමර... කොහේද ඉතින් මොලේ...?