
(සුජිත් හේවාජුලිගේ)
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගත යුතු බවද ඔහු සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
ඉතිහාසයේ යම් නිලධාරීන් සම්බන්ධයෙන් ගත් අැතැම් දේශපාලන තීන්දු වැරදියි. ඒ වැරදි දේශපාලන තීන්දුවල පළ විපාක අපි පක්ෂයක් විදියට අදත් විඳිනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම් ඒකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න පුළුවන්. එක පැත්තකින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යනවා. නඩුවේ වැරදිකාරයා බවට පත්වුණොත් කොහොමත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන්.
නිලධාරියකු ඉලක්ක කරගෙන දේශපාලන තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරනවා නම් අපි එකඟ වෙන්නේ නැහැ. හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නොවුණා නම් හොඳයි කියන මතය තමයි මම ඉන්නේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බව පේනවා. පොලිස්පතිවරයාටත් කරුණු දක්වන්න අවස්ථාව දීලා සාධාරණ වාර්තාවක් මත පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා තීන්දුවක් ගන්න කියලා මම ඉල්ලනවා.
COMMENTS
ඉතුරු වැරැදි පනස්දාහත් ප්‍රසිද්ධියේ කියලා සමාව අරගෙන, සිර දඬුවම් විඳලා, හොරාකාපුවා භාණ්ඩාගාරෙට ආපහු බාරදීලා, නීතිඥ විභාගෙ පාස්වෙලා ආවොත් ඡන්දයක් දෙන්න සලකල බලන්නම්...!
අනේ ඉතින් තමන් කියපු පට්ටපල් බොරු, තමන් කරපු කප්පම් ගැනිලි ගැන පාපොච්චාරණය කරන්න අනුරට, ටිල්වින්ලාට කොන්දක් පිහිටලා නෑනේ. නිවට, නෝන්ජල්කම තමයි...
අනේ මගේ කට...! මෙයා දන්න නීතිය මොකක්ද? අපේ ගමේ කුලියට කඩන පටි මල්ලිටත් ඔය වගේ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් කියා. මගේ සීයා කියනවා...
උසාවියට බයේ හැංගිලා ඉන්න කෙනෙක් පොලිස්පති කරලා තියාගන්නද කියන්නේ...?ළඟදිම ඩබල් පෙන්ෂන් ගත්තු කට්ටියත් හිරේ යනවා. රජයේ ආයතන සංග්‍රහය කඩ කළාට. පප්පලාට, මාමලට එකට වැලිකඩ හොදි කන්න පුළුවන්...
මොනවා වුණත් තමුන්ගේ තාත්තාට අගෞරව කරන්න එපා. මොකද ඔබව ඔතැනට ගෙනාවේ තාත්තා. ඔහොම ගියොත් ඔයා අම්මා ගැනත් මොනවා කියයිද දන්නේ නැහැ, ඉදිරියට...
හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වෙන්න හදනවා. දූෂිත පවුල් පාලනේ අයගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔක්කෝම එක වල්ලේ පොල්.. දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ...!
මෙයා අප්පාගේම එකා. මොවුන් කියන බයිලා අහන්න පුළුවන්. බයියන්ටම තමයි. ආයේ බලය ගන්න ඕනෑම තුප්පහි වැඩක් කරයි. තව ටික දවසක් යනකොට, මල්ලි රොකට් එකක් යවන්න ගත්තු තීරණයත් වැරැදි කියයි. ඉස්සල්ලා ගිහිල්ලා, බාප්පලයි, මල්ලිලා ටිකයි හදාගන්න...
යෝගාගේ කොහෙද යන්නෙ මල්ලේ පොල්....
මාලිමා කුණු සේදුම් බලකායට නාමල් රාජපක්ෂ හොඳ ආදර්ශයක්. තමන්ගේ නායකයා වීමට අමතරව මහින්ද රාජපක්ෂ වැනි දැවැන්ත දේශපාලන චරිතයක් සම්බන්ධයෙන් වුවත් විවේචනාත්මකව බැලීමට ඔහුට පුළුවන්. එය හොඳ ප්‍රවණතාවක්. කොයියම්ම දෙයක් සම්බන්ධයෙන් වුවත්, ජවිපෙ ඩෝබිලාගෙන් තම නායකයින් හෝ ආණ්ඩුව පිළිබඳ සාධනීය සහ ධනාත්මක විවේචනයක් අපේක්ෂා කළ නොහැකියි. නායකයින්ගේ ඕනෑම මෝඩ වැඩක් "හරි ෂෝක්" කියමින් සමාජ මාධ්යේ නිරුවත්ව රඟන ඒ තකතීරු රැලට ඉගෙන ගන්නවා නම් ඔන්න පාඩම්...!
යෝගා ඉන්න, ඉදිරියේදී තවත් හාස්‍ය ජනක සිදුවීම් සිදුවීමට නියමිතයි.
අරගලය වෙලාවේ මෙයාලාට පිහිට වුණේ මෙයානේ... ඒකයි මෙයාලාට ඔච්චරම දුක මම හිතන්නේ.. හිනා යනවා අනික් පැත්තෙන්...
ලොකුම වැරැද්ද තුන්පාරක් වෙලාවට එළියට ගත්තේ නැති එක...!
පාපෝච්ඡාරණයේ පුංචි ඡන්දයටත් එක්ක වෙන්න ඇති...
වෙල්ඩන් යෝගා. ඔයා වාගේ තව දුසිමක් හොයාගත්තා නම් අපි ආයෙත් ගොඩම තමයි. එතකොට තාත්තයි, බාප්පයි ඉතුරු කරලා ගිය හපෙත් සූප්පු කරලා තමයි නතර වෙන්නේ.
විරැද්ධවාදින් මර්දනය කිරීම නම් මේ රජය ඉතා සාර්ථකව කරගෙන යනවා. තව ටික කලකින් තව හොඳට පෙනෙයි. ස්ක්‍රීන් ශොට් ගහලා තියාගන්න. පළාත් සභා එකත් එනකම් ඉන්න. ඊටපස්සේ වර්ජන, පිකටින් හීනෙන් තමයි. නූතන පොල්පොට් ටි එතකොට පෙනෙයි. එහි ඒකේඩී ද රෑකඩයකි. හරිනිගේ ආ බැක්ග්‍රවුන්ඩ් නිසා ඉතුරුවෙයි..!
තව තේරෙයි පහුවෙනකොට. බලේ තියෙනකොට මොලේ නෑ කියනවානේ.. මොලේ තියෙනකොට බලේ නෑ. ආයේ ලැබෙන්නෙත් නෑ. කවුරු කවුරුත් කරපු අලුගොත්තේරු වැඩ තව තව පහුවෙනකොට තේරෙයි...
මෙයාගේ වැරැදි පෙන්නලා දෙන්න. මෙයාගේ පුතා දේශපාලනයට එනකන් ඉන්න වෙයි වගේ...
යුද්ධය අවසන්කළේ විරෝදාර හමුදා භටයින් වුණාට නම්බුව පවරා ගත්තේ වෙන කට්ටියක්. එහෙව් එකේ අතේ තිබුණු අසීමිත බලය යොදාගෙන හොර, මැරකම්, වංචා, දූෂණ වලට නැඹුරු නොවී නෙල්සන් මැන්ඩෙලා කළා වගේ නුවණින් යුතුව කටයුතු කළා නම් මේ වෙනකොට පණපිටින් ඉද්දීම දේවත්වයට පත්කර රටපුරා පිළිම හදා දේවාල ඉදිකර පුදපූජා පවත්වන තත්වයකට පත්වෙන්න වාසනාව තිබුණු කෙනෙක් " මහපාරේ පණුවන් අහුලා කන මයිනා" යන අන්වර්ථ නාමයක් දිනා ගත්තේ ඔය කියන අසික්කිත ඔලමොට්ටල වැඩ නිසා තමයි පුතා. ඒක ඉතින් රටේ අවාසනාවද පවුලේ අවාසනාවද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ලබන අවුරුද්දේ මද හරියේදී විතර තමයි...
මේ අයගේ පවුලේ අය තමයි එයාව විනාශ කරේ...
බාප්පල ඩබලෙ වැරදි පෙන්නුවෙ නැතෙයි?
මහින්ද මහත්තයා ගත්ත තීරණය හරි..