
(සුජිත් හේවාජුලිගේ )
මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් මැතිවරණ අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.
විශේෂයෙන්ම පෞද්ගලික කරුණු හෝ මඩ ගැසීමෙන් කිසිදු වාසියක් ඇති නොවන බවත් බුද්ධිමත් ජනතාව හැම විටම බලන්නේ ප්‍රතිපත්ති ගැන පමණක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.හැකි තරම් පක්ෂයේ ප්‍රතිපත්ති ගමින් ගමට රැගෙන යන ලෙසත් නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ ඉල්ලා සිටියේ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයින් නෙළුම් මාවතේදී හමුවූ අවස්ථාවේදීය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’මඩට යන්න එපා’’
කෞෂි Monday, 31 March 2025 01:37 PM
මෙච්චර කල් කරපුවාට දැන් මිනිස්සු අහුවෙන්නෑ කියලා තේරුම්ගත්තු එක හොඳයි. තව ටිකක් තේරුම් අරගෙන ගෙදරම නැවතුණා නම් හොඳයි. කූරු ගනින්න ඉන්විටේෂන් එක එනකම්...!
උඩුගම්පොල Monday, 31 March 2025 02:09 PM
ඇත්තටම ඔය පක්ෂේ ඔබට වැඩිය සුදුසුකම්, මොළයක්, හැකියාවක් තියෙන මිනිස්සු නැද්ද. මහින්ද නිසා ඔබ පාර්ලිමේන්තු ආවා මිසක් ඔබේ හැකියාවකට නෙමෙයි කියලා ඔබම දන්නවනේ.. තාත්තාගෙන් පුතාට යන්න ඕක රජ පෙළපාතක්ද...
රාලහාමි Monday, 31 March 2025 02:33 PM
අනේ පලයන් නාම්බෝ පච වපුරන්නේ නැතිව. මොනවාද උඹලාගේ ප්‍රතිපත්ති ? හොරකම, වල්කම සහ මිනී මැරීම !!! මේ රටේ මිනිස්සු උඹලාව ප්‍රතික්ෂේප කරලා ගොඩාක් කල්. දැන් ඉතින් උඹලා කරපු අසික්කිත වැඩවලට හිරේ යන්න ලැහැස්තිවෙයන්.
ගමේ එකාලා Monday, 31 March 2025 02:36 PM
පවුල් පාලනේ උදවිය බලයේ හිටපු කාලේ කෙරුවේ මඩ විතරක් නෙවෙයි,බොරුව,රැවටිලි ,හොරකම් වන්චා,දූෂණ,සුදුවෑන් ඝාතන අතුරුදන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු එකනේ, දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ .
Chathuri Monday, 31 March 2025 03:44 PM
බේබිට ඔය ටික කියන්න තිබුණේ මයිනාටයි, ගෝඨාටයි.. ඒ කාලේ බේබි අද වගේම මෝඩයි. මේවා ඔලුවට වැටෙන්නේ නැහැ. ඒ කාලේ බැලුවේ හැම තත්පරේම මුලු පරම්පරාව හොරාකන්න මානම් බැලුවා මිසක් උගත්මිනිසාව ආරක්ෂා කෙරුවේ නැහැ. ගෝඨාභය කොයිතරම් වටිනා පුද්ගලයින්ද?
මැක්ස් Monday, 31 March 2025 03:44 PM
ඒක හරි. එසේ නොවුණ හොත් ඔබ සැමගේත්..., බොරුකාර, කයිවාරුකාර සහ අවලාද කාරයින් වන මාලිමාවන් අතර වෙනසක් දකින්නට නොහැකි වනු ඇත...!
The Three IdiotsMonday, 31 March 2025 04:08 PM
ඔයා කියන එක කෙරුවොත් මම කොහොමද නීතිඥ පට්ටම දිගටම පාවිච්චි කරන්නේ...?
කපුරු හාමි Monday, 31 March 2025 04:23 PM
තමුන්ලා බලයේ හිටපු කාලේ මඩ නොවෙයි, කරන්න පුළුවන් ඔක්කෝම ජඩ වැඩ කෙරුවා. විරුද්ධ පාක්ෂිකයින්ට රැස්වීමක් තියාගන්න බැරි තරමට අරියාදු කරපු හැටි දන්නෝ දනිති. මැරයෝ දාලා රැස්වීම්වලට ගැහැව්වා. ලයිට් කැපුවා. පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. මොලේ උඩ ඉන්න වහලුන්ට නම් අවුල් වගේ...?
යෝගා Monday, 31 March 2025 05:15 PM
මඩට යන්න එපා කිව්වේ මාලිමා මඩ බලකායට නෙමෙයි අනේ. ඔයගොල්ලෝ කලබල නොවී රස්සාව කරගෙන ඉන්න.
Suneth Monday, 31 March 2025 06:38 PM
මඩට යන්න එපා කිව්වේ මෙච්චර දෙයක් රටට කරලත් තාම ඔවුන්ට සපෝට් කරන වෘෂභ රාජයින්ට. ඒ අහිංසකයින්ට ගොඩ ඉඳලා පුරුදු නැහැ...
ලලනිMonday, 31 March 2025 08:01 PM
අනේ පව්, ඒ කියන්නේ යෝගාගේ ජොබ් එක ගහලා ගියාද?
Rata Perata Monday, 31 March 2025 05:29 PM
ඕක ඉස්සරවෙලාම තමන්ගෙන් පටන් ගන්න. අර සාගරටත් කියලා දෙන්න.
Nandana Monday, 31 March 2025 07:34 PM
මඩ කාවයියෙක්...!