IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක්

(නිමල කොඩිතුවක්කු)

පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ ගැටලුවට පිළියමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව සීමාවාසික පුහුණුවට අනුයුක්ත කළ හැකි බවද එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයට අමතර ප්‍රතිපාදන  මේ සඳහා ලබාදිය නොහැකි නම්, පරිපූරක වෛද්‍ය වෘත්තිවේදී ඩිප්ලෝමාධාරීන් පුහුණුව සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතා කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ එක පෑන් පහරකින් සිදු කළ හැක බවද ඔහු කීවේය.

වසර පහක පමණ කාලයක් තිස්සේ වෛද්‍ය රසායනාගාර ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් බඳවාගෙන නොමැති බැවින් හා ඉදිරියේදී කිසිදු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෙකු ඩිප්ලෝමා පාඨමාලා සඳහා බඳවා නොගන්නා බැවින් එම ප්‍රතිපාදන මගින් සියලු ගැටලු විසඳාගත හැකිව තිබියදී බරපතල අර්බුදයක් නිර්මාණය කොට ඇතැයිද කුමුදේශ් මහතා සඳහන් කළේය.

උපාධිධාරීන් සීමා වාසික පුහුණට අනුයුක්ත කිරීමෙන් පසු රැකියාවට බඳවා ගැනීමේ ගැටලුව විසඳීම සඳහා මාස හයක කාලයක් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබියදී, උපාධිධාරීන්ව පාරට බස්සවා, ඔවුන්ට පොලිසිය මගින් ප්‍රහාර එල්ල කර සිරගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.

පරිපූරක වෛද්‍ය සේවාවේ අනුමත නිලධාරී සංඛ්‍යාව වසර විස්සකින් පමණ යථාවත් වී නොමැති බැවින්, දැනට අනුමත නිලධාරී සංඛ්‍යාව සේවාව පවත්වාගෙන යාම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවද ඔහු සඳහන් කළේය.

අනුමත නිලධාරී සංඛ්‍යාව යාවත්කාලීන කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඉදිරිපත් කරන ලද ඉල්ලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ එක පෑන් පාරක් ලබා දිය හැකිනම්, කිසිදු විභාගයකින් තොරව මෙම සියලු උපාධිධාරින් සේවයට බඳවා ගත හැකි බවද කුමුදේශ් මහතා තවදුරටත්  කීවේය.



අදහස් (3)

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක්

සිල්වා Monday, 31 March 2025 04:02 PM

සියලුම වර්ජන අසාධාරණයි. රට ගැන හිතලා වැඩ කරමු.

:       4       9

ukran Monday, 31 March 2025 05:56 PM

සිල්වා එතකොට අර කෝවිඩ් 19 කාලේ කරපුවා...

:       0       10

සිල්වා Monday, 31 March 2025 06:22 PM

කෝවිඩ් 19 කාලයේ අපි හිටියේ විපක්ෂයේ. ඒක සාධාරණයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site