
(සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවරුන්ට බලයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එසේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට හෝ ඒ පිළිබඳව කතා කිරීමට මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග මගින් වළකා ඇති තත්වය යටතේ කතානායකවරයාට එවැනි යෝජනාවක් බාර ගැනීමට බලයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක් පොලිස්පතිවරයාගේ කටයුතු නතර කර ඇති හෙයින් කමිටුවක සභාපති ධූරය දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය දරන්නේය යන පදනම මත හිද ඔහු ඉවත් කිරීම සුදුසු බවට නිර්දේශ කළ හැකිදැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කළ නොහැකි නමුත් ඉහත යෝජනාව අනුමත කළහොත් ඉන් අදහස් වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම නිවැරදි බව යැයි පැවසූ රාජපක්ෂ මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණයද පාර්ලිමේන්තුව නොපිළිගන්නා බව ඉන් ගම්‍ය වන්නේ යැයි ප්‍රකාශ කළේය.
විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ රාජකාරී කටයුතු අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එන්නේ හොඳකට නෙමෙයි, අහුවෙන්න එපා...!
හැමදේම දන්න, නමුත් කිසිදෙයක් නොකරන, ඔක්සිජන් අපරාදේ වැයවන අපේ කාලයේ ප්‍රාඥයා...
නූගත් ජෙප්පොන්ට ඕක තේරුම් ගන්න පුළුවන්නම් ඉතින්!
මේ ඩීල් දාසගේ පණ්ඩිතකම් වලින් අපිට වැඩක් නැහැ.
ටයි කෝට් බලල්ලුත් සාක්කි! ඒවා මිනිස්සු ගැලෙව්වනෙ.
මේ දවස්වල හැමදේම රටට් සාපයක් .ඒකාලේ මේගොල්ලෝ නීතිය භාවිතා කළහැටි මතකද
මූ නීතිය නැට්ටෙන් අල්ලගෙන වනනවා වගේ.
මෙයා හැමදාම කලේ චන්දයක් එනකොට දිනන පැත්තට පැන පැන ඇමතිකමක් අරගෙන මහජනතාවට කොකා පෙන්නල කපටිකමින් හම්බුකර ගත්ත එකයි.අමු කපටියෙක්.
බලල්ලුත් සාක්කි කිව්වලු.
දූෂිත පවුල් පාලනේ උන්ව රකින්ඩ තමුන් ගහපු ඩීල් ගැනත් දන්නෝ හොන්දාකාරවම දනිති .එතකොට කිසිම අවුලක් නැතුව ඇති?
උබලා. මේරටට මේ තරම් විනාසයක් කෙරුවේ. දන්නවා නීතියක් නැත් නිසා. අපිට බේරේන්න පුලුවන් කියලා. ඒත් ගොබ්බයිනි. දැන්තුනෙන් දෙකක් නෙමේ තුනම තියෙන්නෙ අනුරගෙ අතේ. ඉතින්. නැති. නිතියක් නැති බලයක් ක්ශනයෙන් හදන්න පුලුවන්. ඉස්සර නටපු නැටිලි. උබලටම ගිය රටනෙ. දැන් ඒවා. බැහැ මුලු පාර්ලිමේන්තුවම. මාලිමාවට. වැඩිය කයිවාරුගහන්න එපා. අර් නිතිය නැහැ මේ නිතිය නැහැ කියලා නීති හදලා. ජනතාවගෙ කැමැත්ත අර්න්. මුලු හොර නඩේම. එක රැයින් අත් අඩන්ගුවට. අර ගන්න පුලුවන් දේපල. රාජ සන්තක. කරන්න පුලුවන්. කට්ටියම පරිස්සමින්. ඉන්න