
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 'යුනෙස්කෝ'හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.
අග්‍රාමාත්‍යවරිය ‘යුනෙස්කෝ‘ මූලස්ථානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩි්‍ර අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයකට හෙට (1) සහභාගී වීමට නියමිතය.
යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති ‘යුනෙස්කෝ’ ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයන් එක්රැස් වී පවත්වයි.
සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.
අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ බෝයිස්ලා හිඟයක්ද? තකහනියක්ම ආවේ...?
බ්‍රෑන්ඩ් බඩු ටිකක් අරන් එන්න.
කාන්තා අගමැතිනියක් ලෙස, බීමත් සැමියා විසින් අනෙකුත් දුප්පත් කාන්තාවන්ට කරන හිරිහැර නතර කිරීමට, වෙනත් වැරැදිකරුවන් සහ අපයෝජකයින් විසින් හිරිහැර කිරීම, අරාබියේ වහල්භාවය නියාමනය කිරීමට සහ අවම වශයෙන් කාන්තාව සඳහා කැප වූ බස් සේවා දායකයෙකු ලබාදීමට පවා නොහැකි වීම ගැන මෙම කාන්තාව ලැජ්ජාවට කරුණකි. ඇය විවිධ කාරණා සමඟ කාර්යබහුලයි. ඒ නිසා මම මේ දවස්වල අගමැතිනිය ලෙස මේ කාන්තාවට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලෙස හෝ එය කඩිනම් කරන ලෙස පවසමි. වහලුන්ට ප්‍රශංසා කළ හැකි නම් කිරීමට ඇය කිසියම් සේවාවක් කර තිබේද?
අපේ සල්ලි වලින් රවුම් ගහනවා නේද
හොඳ තාච්චි තියනවා ප්‍රංශයේ