IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන

(අංජුල මහික වීරරත්න)

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂවරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තලදී අද (31)පැවසීය.

වන්දි මුදල ගත් රාජපක්ෂවරයා ගිනිගත් නිවසේ අයිතිකාරයා නොවන බව කී අනුර දිසානායක මහතා ඉඩමේ ඔප්පුව තිබෙන්නේ වෙන නමකට යැයිද ගෙදර ඔප්පුව තිබෙන්නේ තවත් නමකට යැයිද පැවසීය.

නමුත් වන්දි ගෙන තිබෙන්නේ රාජපක්ෂ කෙනෙක් යැයි ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

ඊට අදාළ වාර්තාව ළඟදී තමාට ලැබුණ බව කී ජනාධිපතිවරයා එය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව කීය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා බුත්තල පොළ භූමියේ පැවති ජන රැළියකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (13)

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන

Nimal Tuesday, 01 April 2025 01:19 AM

තවම තැන තැන ගජබින්න, ඇදබානෙක නම් නැවතිලා නැහැ. මීට වඩා හරවත් දේවල් ප්‍රකාශ කරන්න. මේවාගේ ලපයි සිපයි දේවල් ඕවා කියන්න යන්න එපා. ඒක වෙන කෙනෙක්ට දෙන්න!

:       0       0

Perera Tuesday, 01 April 2025 05:03 AM

මේ පට්ට හොරුන්ට මොකද "රාජපක්ෂවරු " "රාජපක්ෂවරයා " කියන්නේ .මුන් රාජපක්ෂ පපරයෝ

:       7       19

sunil Tuesday, 01 April 2025 07:05 AM

ඕවා කිය කියා ඉඳල අපට වැඩක් නැහැ. ඒවා කඩිනමින් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න. අය කර ගත් පසු කතා කරන්න

:       2       18

Jagath Leanage Tuesday, 01 April 2025 08:02 AM

වන්චාව දූශනය කොතනද, රාජපක්ෂ පවුලේ කෙනෙක් එතන ඉන්නවාමයි .

:       9       25

සුජිත් Tuesday, 01 April 2025 08:05 AM

ෆයිල් එක ලැබිලත් තාම ලඟ තියාගෙන ඉන්නවා කියලනේ කියන්නේ.චන්දයේ වාසි ලබාගන්න මේවා කියනවා මිසක් හොරු ඇල්ලීමේ චේතනාවක් ගෑවිලාවත් නැහැ වගේ.එහෙම චේතනාවක් තියෙනවනං අර දළදාව විකුණගෙන සල්ලි එකතුකරපු එකාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපැයි.හඬපට තියෙනවා සල්ලි දාපු ලදුපත් තියෙනවා පැමිණිලිකරලා තියෙනවා නීතිය විතරක් ඔහුට ක්‍රියාත්මක නැහැ.ලක්ෂ 68ක ආණ්ඩුවක් මේ හොරාට ඇඹරෙන විදිය...

:       10       21

anuranga Tuesday, 01 April 2025 08:20 AM

දැන් ඔය රාජපක්ෂ ගැන කතා කරල වැඩක් නැහැ,මිනිස්සුන්ට අගහිගකම් දරා ගන්න බැ, එකට පිලියමක් දුන්නෙ නැත්තම් ඡන්දය පරාද වෙනව ශුවර්

:       12       17

Kavisha Tuesday, 01 April 2025 08:36 AM

මෙයද තවත් එක පචයකි

:       13       19

අමා Tuesday, 01 April 2025 10:02 AM

අපේ ඉඩමටයි ,ගෙදරටයි වෙන වෙනම ඔප්පු හදාගන්න ඕන.

:       0       17

රම්බොඩ Tuesday, 01 April 2025 10:07 AM

ඇත්තටම මීට වඩා රටට වැදගත් මාතෘකා ඇත්තෙම නැද්ද ? දැන් ඔවා අහනව මිසක රටේ වර්ථමාන සංවිධානය අනාගත සැළසුම් , සාමාන්‍ය ජනතාවගේ පහසුකම් , මේ වැනි වරදගත් දෙයක් ඇහෙන්නෙම නෑනෙ. එකම එකම කියවනවනෙ.

:       12       17

wgn Tuesday, 01 April 2025 10:18 AM

බොරු කියලම පුරුදු වෙලා 3% ට වෙන දෙයක් නැ.

:       9       14

prasanna Tuesday, 01 April 2025 10:52 AM

ගිණි තිබ්බේ මොන ව්‍යාපාරයේ කට්ටියද? වන්දිය නෙමෙයි වැදගත් වන්නේ. මේ ගිණි තැබීම සහ මංකොල්ලය, පහරදීම සහ ජීවිත හානි සිදුකරපු ව්‍යාපාරය හා සම්බන්ධ අයට සහ එහි නායකයන්ට දඬුවම් කිරීමයි.

:       14       15

රනේ Tuesday, 01 April 2025 01:33 PM

මේ ගොල්ලන්ට දැන් වයසයි. නඩු විභාග කිරීම කල් ගත වන වැඩ. අණ-වින, කොඩි-වින, දෙස්- දෙවොල් තමා වඩාත් හොඳ ප්‍රතිපල දෙන්නේ.

:       3       2

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:28 PM

ප්‍රසන්න, ගිනිතිබ්බ අය වසර දෙකක් ගියා ඇල්ලුවාද? ඒවාට මේ රජයට චෝදනා කරන්නේ පිස්සු හැදිලාද? එදා මැයි නමය සවස් වරුවේ රාජපක්ෂ දඩබල්ලෝ මුදා නොහැරියා නම් ගිනි තියනවාද, ඒක රැල්ලට ගිය දෙයක්, ඒක නොපිළිගන්නේ රාජපක්ෂ කේවට්ටයෝ පමණයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site