
(අංජුල මහික වීරරත්න)
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂවරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තලදී අද (31)පැවසීය.
වන්දි මුදල ගත් රාජපක්ෂවරයා ගිනිගත් නිවසේ අයිතිකාරයා නොවන බව කී අනුර දිසානායක මහතා ඉඩමේ ඔප්පුව තිබෙන්නේ වෙන නමකට යැයිද ගෙදර ඔප්පුව තිබෙන්නේ තවත් නමකට යැයිද පැවසීය.
නමුත් වන්දි ගෙන තිබෙන්නේ රාජපක්ෂ කෙනෙක් යැයි ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
ඊට අදාළ වාර්තාව ළඟදී තමාට ලැබුණ බව කී ජනාධිපතිවරයා එය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව කීය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා බුත්තල පොළ භූමියේ පැවති ජන රැළියකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම තැන තැන ගජබින්න, ඇදබානෙක නම් නැවතිලා නැහැ. මීට වඩා හරවත් දේවල් ප්‍රකාශ කරන්න. මේවාගේ ලපයි සිපයි දේවල් ඕවා කියන්න යන්න එපා. ඒක වෙන කෙනෙක්ට දෙන්න!
මේ පට්ට හොරුන්ට මොකද "රාජපක්ෂවරු " "රාජපක්ෂවරයා " කියන්නේ .මුන් රාජපක්ෂ පපරයෝ
ඕවා කිය කියා ඉඳල අපට වැඩක් නැහැ. ඒවා කඩිනමින් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න. අය කර ගත් පසු කතා කරන්න
වන්චාව දූශනය කොතනද, රාජපක්ෂ පවුලේ කෙනෙක් එතන ඉන්නවාමයි .
ෆයිල් එක ලැබිලත් තාම ලඟ තියාගෙන ඉන්නවා කියලනේ කියන්නේ.චන්දයේ වාසි ලබාගන්න මේවා කියනවා මිසක් හොරු ඇල්ලීමේ චේතනාවක් ගෑවිලාවත් නැහැ වගේ.එහෙම චේතනාවක් තියෙනවනං අර දළදාව විකුණගෙන සල්ලි එකතුකරපු එකාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපැයි.හඬපට තියෙනවා සල්ලි දාපු ලදුපත් තියෙනවා පැමිණිලිකරලා තියෙනවා නීතිය විතරක් ඔහුට ක්‍රියාත්මක නැහැ.ලක්ෂ 68ක ආණ්ඩුවක් මේ හොරාට ඇඹරෙන විදිය...
දැන් ඔය රාජපක්ෂ ගැන කතා කරල වැඩක් නැහැ,මිනිස්සුන්ට අගහිගකම් දරා ගන්න බැ, එකට පිලියමක් දුන්නෙ නැත්තම් ඡන්දය පරාද වෙනව ශුවර්
මෙයද තවත් එක පචයකි
අපේ ඉඩමටයි ,ගෙදරටයි වෙන වෙනම ඔප්පු හදාගන්න ඕන.
ඇත්තටම මීට වඩා රටට වැදගත් මාතෘකා ඇත්තෙම නැද්ද ? දැන් ඔවා අහනව මිසක රටේ වර්ථමාන සංවිධානය අනාගත සැළසුම් , සාමාන්‍ය ජනතාවගේ පහසුකම් , මේ වැනි වරදගත් දෙයක් ඇහෙන්නෙම නෑනෙ. එකම එකම කියවනවනෙ.
බොරු කියලම පුරුදු වෙලා 3% ට වෙන දෙයක් නැ.
ගිණි තිබ්බේ මොන ව්‍යාපාරයේ කට්ටියද? වන්දිය නෙමෙයි වැදගත් වන්නේ. මේ ගිණි තැබීම සහ මංකොල්ලය, පහරදීම සහ ජීවිත හානි සිදුකරපු ව්‍යාපාරය හා සම්බන්ධ අයට සහ එහි නායකයන්ට දඬුවම් කිරීමයි.
මේ ගොල්ලන්ට දැන් වයසයි. නඩු විභාග කිරීම කල් ගත වන වැඩ. අණ-වින, කොඩි-වින, දෙස්- දෙවොල් තමා වඩාත් හොඳ ප්‍රතිපල දෙන්නේ.
ප්‍රසන්න, ගිනිතිබ්බ අය වසර දෙකක් ගියා ඇල්ලුවාද? ඒවාට මේ රජයට චෝදනා කරන්නේ පිස්සු හැදිලාද? එදා මැයි නමය සවස් වරුවේ රාජපක්ෂ දඩබල්ලෝ මුදා නොහැරියා නම් ගිනි තියනවාද, ඒක රැල්ලට ගිය දෙයක්, ඒක නොපිළිගන්නේ රාජපක්ෂ කේවට්ටයෝ පමණයි...