
(අංජුල මහික වීරරත්න)
හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැවසීය.
හොරකමින් එකතු කර ගත් වත්කම් යළි අය කර ගැනීමේ නීතිය පාර්ලිමේන්තුවේදී ලබන 8 වැනිදා සම්මත කරගන්නා බව ද ජනාධිපතිවරයා කීය.
මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා බොහෝ නඩු ගොනු කර තිබෙන බව කී ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රිෂ් නඩුවද එවැන්නක් බව සඳහන් කළේය.
මාතර බ්‍රවුන්ස් හිල් නඩුවද ඉතා ඉක්මනින් පැවරෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලකයන් ඥාතීන්ගේ නමට බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ගෙන තිබෙන අතර ඉඩම් මිලදී ගැනීම සඳහා සල්ලි සොයා ගත් ආකාරය ඔවුන්ට හෙළි කරන්නට බැරි වී තිබෙන බව කීය.
COMMENTS
කයියනායක මහතා සහ සමාගමට දැන් ඉතිරිව ඇති එකම විකල්පය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම පමණි. කප්පරක් බොරු කියමින් ජනතාව අන්දා හැදු සිහින මාලිගා එකින් එක බිඳ වැටීමත්, බැරි බැරියාව හැර වෙන මෙලෝ දෙයක් මාලිමා කාරයින්ට නොහැකි නිසාත්ය...!
දැන් මේ මහත්තයාගේ කතාත් අර ඉස්සර හිටි උද්ධච්ච දේශපාලකයින්ගේ කතා වගේමයි. හ්ම් බලය රසවිඳිනකොට දැනෙන හැටි තමයි ඔය, ඉස්සරහට ලස්සන නාට්‍ය දකින්න ලැබෙයි...
ජනතාව එලවනකම් මේ හාදයා ඔය දෙකයි පනහේ මන්තරය ජප කරකර ඉඳියි.
ක්‍රියාව දේශනා කිරීමට වඩා උතුම්ය. පක්ෂයේ නායකයෙකු ලෙස ඔබ ඔබේ පක්ෂ අරමුදල් රැස් කිරීම විගණනය කර එය ප්‍රසිද්ධියට පත්කර අන් අයට ඔබව අනුගමනය කිරීමට ආදර්ශයක් වන්නේ නම් එය වඩාත් ප්‍රයෝජනවත් සහ විනිවිදව පෙන්වනු ඇත...
ඔයාලා ගෙවල් ගිනිතියලා පාර්ලිමේන්තු මන්ත්‍රීලා මැරුවා... නඩු අහන්නේ නාමල් බලයට ආවාමද?
මාර වැඩේ මෙයා කොහොමද එහෙම කියන්නේ? ඒවාට දඬුවම් දෙන්නේ නඩුකාරවරු. හොරාට පෙර සරම වැට පැනලා...
දැන්නම් පිස්සු කියලා රටම දන්නවා .නුවර වැව රව්මෙත් මේවගේ එකම දේ කියවන මනුස්සයෙක් ඉන්නවා
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
මිනිස්සුන්ට අගහිගකම් දරා ගන්න බැ, එකට පිලියමක් දුන්නෙ නැත්තම් ඡන්දය පරාද වෙනව ශුවර්
මෙය සිදු වන බව ඔබ දන්නේ කෙසේද? අධිකරණ පද්ධතිය ස්වාධීන නම්, ඉදිරි නඩුවක තීන්දුව කුමක් වේවිද ඔබ දන්නේ කෙසේද? මම NPP ආණ්ඩුවේ ප්‍රබල අනුගාමිකයෙක් වුණත්, මට දැන් දැනෙනවා ඔබ ඇතුළු අතිගරු ජනාධිපතිතුමා ඇතුළු NPP ආණ්ඩුවේ සෙසු පිරිස උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ. ක්‍රමය වෙනස් කළේ අපි, ජනතාව, හරිම අවාසනාවන්තයි. ඔබ වෙනස් වී නැත. NPP යේ කොඳු නාරටිය වූ JVP වසර 60ක් (1964 සිට 2024 දක්වා) ජනතාව විසින් "ඊර්ෂ්‍යා" ලේබලය ඇලවීම පුදුමයක් නොවේ. නැවත සිතන්න. අවුරුදු 60ක් තිස්සේ ඔබ වැරදි කළා; ඔබ ජාතික වත්කම් (බස්, ට්‍රාන්ස්ෆෝමර්, ලාම්පු / දුරකථන කණු ආදිය) විනාශ කළා, ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනක් ඝාතනය කළා. නමුත් ඒ සියල්ල සමඟින් අපි ඔබව තෝරා ගත්තේ ක්‍රම වෙනසක් සඳහායි.