
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි යුවලකි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සහ කාන්තාව සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් එකක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිඳු නමැත්තාගේ මිතුරකු වන දැනට මරණ දණ්ඩනය නියමව සිරගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරියක බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකාර යුවළ පානදුර ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන විත් ජාවාරම් කරන බවත් හෝටල් කාමරවල රැඳී සිටිමින් ජාවාරම කරගෙන ගොස් තිබූ බවත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
COMMENTS
මෙන්න මේ වගේ කාන්තාවන්, පිරිමි බලයට ගේන්න පොහොට්ටුව දිනවමු.
පොහොට්ටුවේ වැඩි දෙනාට මොකක් හරි විෂමාචාර සුදුසුකමක් තමයි තියෙන්නේ
2029 නාමල් ජනාධිපති කරවමු, රට කුඩු වලින් ස්වයංපෝෂිත වෙයි.
කුඩු ජොනී කුඩු ලන්සා,,කුඩු අගමැති කාලේ කරපු දේවල් මේ අයත් කරනවා ..කුඩු ජාවාරම් කාරයෝ රැකුණේ දූෂිත දේසපාලුවෝ හින්දා..චන්දේ කාලේ අතපය දිග හැරලා වියදම් කෙරුවේ ?
දැන් අවශේෂ වෙලා ඉන්න පොහොට්ටුවො තමයි ඔය..හොරකම ජානගත උන එවුන්...