සිසු ගැටුමක් ජපුර වහයි සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. 1 year ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 10 කට පසුව ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(12) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ 1 year ago
ඇල්පිටියේ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 1 year ago
මන්නාරම විනිසුරුට අපහාස කළ බස් රියදුරු රිමාන්ඩ් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරකු ඇතුළු තිදෙනකු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. 1 year ago
ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 1 year ago
බලන්ගොඩ රා තැබෑරුම කෝටි දෙකකට වෙන්දේසි වෙයි බලන්ගොඩ නගරයේ ඇති රා තැබැරුම 2025 වසර සදහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙන්ඩර් වු බව බලන්ගොඩ ප්‍රදේශිය මහ ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවැසුවා. 1 year ago
ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්ර භාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද අවසන්කරනු ලැබීය. 1 year ago
වී කුරුල්ලන් ළඟ තබාගත්තැයි දඩ වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමේ ව්‍යාපාරයක් සිදු කලේ යැයි පැවසෙන පුද්ගලයකුට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් විසි දහසක දඩයක් ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය පසුගිය නියෝග කළාය. 1 year ago
‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘ මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත බුදුදහම සුරකිමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදෙමින් මේ අසීරු අවස්ථාවේ රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහාසංඝරත්නය හමුවේ පැවසීය. 1 year ago
ඡන්දෙ දා හදිසි ආපදාවලට සූදානමින් ඉන්න ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපදා ඇති වූ හොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඔරු අගුල් බැකෝ යන්ත්‍ර යනාදි දෑ සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියළුම තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇත. 1 year ago
මාස හයට අ‘පුරේ ළමා අපයෝජන පැමිණිලි 491ක් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 491 ලැබි ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා පවසයි. 1 year ago
ඉතාලියට පනින්න ගිය සිරියානුවෝ 7ක් ගුවන් තොටේදී මාට්ටු කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවරට පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු අද(12) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago