IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ

පාකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය, ලබන 18 තෙක් දීර්ඝ කිරීමටත්, ඒ අතර කාලයේ පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළකට යෑමට හැකිවේවිදැයි බැලීමටත් කටයුතු කරන බව ඉන්දීය රජය පවසා ඇත.

දින කීපයක් තිස්සේ පැවැති ගැටුම් උත්සන්න වෙද්දී, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් ආරම්භ වූයේ පසුගිය මැයි 10 වැනිදාය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. 

මැයි 10 වැනිදා ඇති කරගත් එම සටන් විරාම ගිවිසුමට අනුව, කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ අවි හුවමාරු නැවැත්වීමටත්, දෙරට අතරේ මිසයිල ප්‍රහාර නැවැත්වීමටත් එකඟතාවක් ඇති කර ගැනුණි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ, අවි ගැටුමක් නිර්මාණය වූයේ ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ දී පසුගිය 22 වැනිදා පාකිස්තාන ත්‍රස්තවාදීන් පිරිසක් කළ වෙඩි තැබීමකින් ඉන්දීය සංචාරකයන් 25 දෙනකු ඝාතනය වීමේ සිද්ධියයි.
එම ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට පාකිස්තාන රජයේත් හමුදාවේත් බුද්ධි අංශයේත් සහාය හිමිවුණු බවට ඉන්දියාව චෝදනා කළ අතර, ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්කවලට පහර දුන්නේය. ඒ, ‘සින්දූර්’ මෙහෙයුම ක්‍රියාවට නංවමිනි.

ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලැති රටවල් වන අතර, දෙරට සතුව න්‍යෂ්ටික අවි ඇත. හටගත් යුදමය තත්වය කඩිනමින් සමතයකට පත් කර ගැනීමට ඉන්දියාවත් පාකිස්තානයත් සමත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පමණක් නොව, සෙසු රටවල් ද සතුට පළ කර ඇත.



අදහස් (0)

ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site