
(අමදෝරු අමරජීව )
පුල්මුඩේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු අද (15) එම පාසලේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ ගෙල තියූණු ආයූධයකින් කපා බරපතල තුවාල සිදුකර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .
පාසලේ පැවති වාර විභාගය අවසන් වී පාසලෙන් පිටතට එද්දී ප්‍රධාන දොරටුව අසලදී මෙම සිදුවීම සිදුවී තිබේ.
බරපතල තුවාල ලැබූ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පුල්මුඩේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.
රෝහලේදී සිසුවාට ශල්‍ය කර්මයක් සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග කියයි . සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd