IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආසියාවේ විශිෂ්ඨයන් අතර අපේ තුනක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වාට ෆෝබ්ස් සඟරාවේ 2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 අතරට ඒමට පසුගියදා හැකියාව ලැබුණේය.

කාණ්ඩ කීපයක් යටතේ ෆෝබ්ස් සඟරාව ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා තෝරාගනු ලබන අතර 29 හැවිරිදි යානිකා අමරසේකර රිටේල් ඇන්ඩ් ඊකොමස් කාණ්ඩයෙන් විශිෂ්ඨයන් 30 දෙනා අතරට තේරී ඇත. එසේම 29 හැවිරිදි චරිත් එන් සිල්වා ආර්ට්ස් කාණ්ඩයෙන් සහ 25 හැවිරිදි නිකින් මාතරආරච්චි සමාජ මාධ්‍ය, අලෙවිකරණය හා දැන්වීම් ප්‍රචාරණය කාණ්ඩයෙන් ෆෝබ්ස් සඟරාවේ විශිෂ්ඨයන් 30 දෙනා අතරට තේරී පත්විණ.

යානිකා අමරසේකර මෙරට සිල්වර් අයිල් වෙබ් අඩවියේ නිර්මාතෘවරිය වේ. තෑගි ලබාදීමේ සංකල්පය අලුත් කරමින් 2019 වසරේදී හඳුන්වා දුන් සිල්වර් අයිල් වෙබ් අඩවිය විවාහ ගිවිසගත් යුවලකට ජීවිතය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය දේශීය සහ විදේශීය සියලුම දේවල් තෝරා ගැනීමට අවස්ථාවක් ලබාදුන්නේය. එහිදී විවාහ යුවළට සුබ පතන්නන්ට යුවලට අවශ්‍යදේ තෑගී ලෙස ලබාදීමට අවස්ථාවක්ද හිමි වූවේය.

චරිත් එන් සිල්වා මෙරට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් උසුලන වයිල්ඩ් කුක්බුක් නාලිකාවේ නිර්මාතෘවරයාය. වයිල්ඩ් කුක්බුක් යූ ටියුබ් නාලිකාවට මේ වනවිට පරිශීලකයන් ලක්ෂ 100 ක් සිටින අතර ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ලක්ෂ 23 කට වඩා සිටි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔහු වයිල්ඩිෂ් නමුන් අවන්හලක්ද වීවෘත කරනු ලැබුවේය.

නිකින් මාතරආරච්චි ශ්‍රී ලංකාව පදනම් කරගත් සිනැප්ස් ඒඅයි ලැබ්ස් සමාගමේ නිර්මාතෘවරයා වන අතර 2021 එම සමාගම ආරම්භ කරනු ලැබුවේය.

ෆෝබ්ස් සඟරාවේ ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා කාණ්ඩ 10 ක් යටතේ තෝරා ගන්නා අතර එක් කාණ්ඩයකට විශිෂ්ඨයන් 30 දෙනකු සිටී. ෆෝබ්ස් සඟරාවේ ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන අතර මෙවර එම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කරනු 10 වැනි වතාවටය.

 



අදහස් (1)

ආසියාවේ විශිෂ්ඨයන් අතර අපේ තුනක්

Senarath Friday, 16 May 2025 08:49 AM

ඔබලාට අපේ උණුසුම් සුභපැතුම්

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site