
(රෝෂන් තුෂාර)
වේර්න්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සදහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියඳී භාතිය ජයකොඩි නමැති අයගේ ආයතනයකට එම කටයුතු භාර දෙමින් රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමෙ සංස්ථාවේ හිටපු සභාපති ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂණද සිල්වා නමැති සැකකරු මෙසේ අප මත මුදා හරින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
කොළඹ ගං වතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ රත්තනපිටිය හා බෙල්ලන්විල දක්වා වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ කටයුතු සඳහා මෙසේ ප්‍රශංපාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධානය කටයුතු සමාගමකට 2014 සැප්තැම්බර් 09 දින බාර දෙමින් රජයට පාඩු කිරීම සම්බන්ධව මෙම විමර්ශනය සිදු කෙරේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා දවාලේ හොරකාලා තියෙන්නෙ? ලක්ෂ 276ක්, ව්‍යාපෘතියේ එක අදියරක් වීවෘත කරන්න? මේ රටේ බහුතරයක් අහිසක ජනතාවගෙ බදු මුදල් නේද? මේක තමන්ව වදාපු අම්මව එළිපිට දුෂණය කරනවාටත් වඩා අපරාදයක් කියලා මේ කාලකන්ණි හතිකරේට වැටහෙන්නෙ කවදාද ?