IMG-LOGO

මාධ්‍ය සංවිධාන 21ක් මාධ්‍ය ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය ස්ථාපිත කිරී‍මේ මුලික කටයුතු සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම ප්‍රමුඛ වන බැවින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ඉදිරි අභිවෘද්ධිය මුලික අරමුණ කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමය, ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මාධ්‍ය පැමිණිලි කොමිසම, ජාතික මාධ්‍ය පදනම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය, මුස්ලිම් මාධ්‍ය සන්ධානය, ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය, දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයෝ සහභාගී වූහ.



අදහස් (0)

මාධ්‍ය සංවිධාන 21ක් මාධ්‍ය ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site