
(රන්ජන් කටුගම්පොළ)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් තව මූලික අයිතිවාසියක් කඩවන ලදැයි සඳහන් කරමින් රුපියල් මිලියන සීයක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
රහස් පොලිසියේ රඳවා තබා සිටින කාලය තුළ තමාට නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලබා නොදීම මගින්ද සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සන්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල,වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණනක් සිවිල් සහ ආරක්ෂක අංශවල මූලික අයිතිවාසිකම් කඩපුවා මතක් කරගත්තොත් නරකද.