
(අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
එම වාහන නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (15) එක්විය.
රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම යන වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සතු අධික සුඛෝපභෝගී වාහන දහයක් මිල ගණන් කැඳවා වෙන්දේසි කර විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW වර්ගයේ රථ 02ක්, නිසාන් X-trail රථයක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 3ක්, මිට්සුබිෂි Montero රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ෂෝක් , දැන් මේවා වෙන්දේසි කරලා ඇමතිතුමා මරුතියක් වගේ පොඩි කාර් එකක ගමන් යාවි නේද
ගුණරත්න, ඇමැතිතුමාට රජයෙන් දෙන මරුටියක් ඕන වෙන්නේ නෑ. එතුමා දැනටත් පාවිච්චි කරන්නේ එතුමාගේ පුද්ගලික වාහනය.