
(ගයාන් සූරියආරච්චි)
කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
බන්ධනාගාර නිලධාරීන් විසින් හරක් කටා නැමැත්තා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ භූමියට රැගෙන විත් නැවත ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී රුපියල් කෝටි තිහක මුදලක් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැසියන් විදියට අපි මේ ගැන කලබල විය යුතු නැහැ! හොරුන්ට, අපරාධකාරයන්ට නිසි රැකවරණය මේ ආණ්ඩුවෙන් නොඅඩුව ලැබෙනව! මේ වෙනකල් පොලිස් පරක්ෂණ කරල විසඳපු නඩුවක් නැත!!!
එක වල්ලේ පොල්
මොනාහරි ප්‍රශ්නයක් තියනවා නම් හොඳම වැඩේ ,හරක් කට්ට කියන එක . ඔය යන එන ගමන් කෑ ගැහුවා නම් පොලිසිය ටක් ගාලා පරීක්ෂණ පටන් ගන්නවා
ඒක පට්ට. දැන් පාතාලයන් කියන විදිහට වැඩ යන්නෙ
මේ යුගලයේ ක්‍රියා කලාපය ගැන ප්‍රසිද්ධ රහසක්. පොලිසිය මෙතෙක් කල් නොදැන සිටීම අපිට නම් පුදුමයක්. මේ දෙන්නා කලේ ඇති තරම් හම්බ කරපු එකයි. දේශබන්දුගේ නඩුවේදී කිය උනානේ මේ පුද්ගලයා ලංකාවේ සියලුම අග්ර ගන්‍ය පාතාලයන්ටත් වඩා ඉහලම පාතාලයෙක් කියල. එය පරම සත්‍යක්.
රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කූලී දාසයන්ට හොරු ඇල්ලුවත් ප්‍රශ්නයක් හොරු නැහැල්ලුවත් ප්‍රශ්නයක්, නඩු දැම්මත් ප්‍රශ්නයක් නඩු නොදැම්මත් ප්‍රශ්නයක් බව අපි දන්නවා. ඒ මොනවා උනත් කරන්න තියෙනදේ හරියට නියමිත වෙලාවට මේ ආණ්ඩුව කරන බවත් අපි දන්නවා, කුලිකාරයන්ට තව ටික දවසකින් අබ සරණයි !
අනේ අපි නොදන්න ශ්‍රී ලංකා පොලිසිය නොදකිං
අනිත් මිනිස්සුන්ට කුලී කාරයො කියන ආනන්ද ආණ්ඩුවේ කුලී කාරයෙක්.ඔය ලුණුවලට ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නෙත් කරන්න තියනදේ හරියටම කරල තියන නිසානෙ.
මේ ආණ්ඩුව ආවට පස්සේ, ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් ගැන දාපු පැමිනිල්ලකට අද වෙනකන් කරපු දෙයක් නෑ. අද වෙනකන් ඉෂාරව හොයා ගන්න බෑ. අර කොල්ලට ගහපු “මොන අම්මද?” කියන කෙනා සුවසේ සැප සේ ඉන්නවා. රටේ ඉන්න ලොකුම අපරාධකාරයෙක් උසාවියෙන් යන ගමන් කිව්ව එකට කඩිනමින් ක්‍රියාත්මක වුණා. අනේ පොලීස් ... උබලා පව්!
දන්නෝ දනිති, ටිරාන් අලස් ඉන්නේ මේ NPP ආණ්ඩුවට උඩින් . හරක් කටාගේ ප්‍රකාශය නිසා නිකන් නොකර බැරි නිසා පරීක්ෂණයක් කරනවා ඇඟ බේරාගන්න. කවදා හරි මේරටේ මහජන ආණ්ඩුවක් පිහිටු වනකන් මේ වගේ යෝධ හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ...
කොමෙන්ට්ස් කරලා තියෙන අයට, සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි මතක නැතුව ඇති. රටේ යුක්තිය, නීතිය සාධාරණය විනාශ කරලා, අධිකරණය පවා දේශපාලණීකරණය වෙලා තිබුනේ.. ඒ කාලේ තිබුණු බයට කටවල් පූට්ටු කරගෙන හිටපු අයගේ කටවල් දැන් ඇරිලා. මාළිමා ආණ්ඩුව බලයට ආවායින් පස්සේ තමා දූෂිත දේසපාලුවන්ගේ කෙරුවවාල් එළියට ආවේ...?
මේ ජෙප්පන්ට 69 ලක්ෂයම හොරු. අපිට නම් මේ ඔක්කොම රටම ගිනි තියපු සහ අහිංසක මිනිසුන් මරාදාපු සංවිධානයක් විතරයි.