
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රවීණ කලාකරුවන් හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අතර හමුවක් ජාතික තරුණ සේවා සභාවේ දී අද (15) සිදුවිය.
අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සෞන්දර්‍ය කලා හා සංස්කෘතික ක්ෂේත්‍ර වලට අදාල ව්‍යාපෘති පිළිබඳව තරුණ සේවා සභාවෙන් බිහි වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණ කලාකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විය.
යෞවන සම්මාන උළෙල, යොවුන් සිනමා උළෙල හා යොවුන් නාට්‍ය උළෙල පැවැත්වීම සහ මේ වසරේ දී නැවත ආරම්භ කිරීමට නියමිත තරුණ සේවා සභාව මගින් පවත්වන නාට්‍ය පාසල සඳහා මෙහිදී ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණි.
ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි කලා කටයුතු සඳහා ප්‍රවීණ කලාකරුවන්ගේ අත්දැකීම් හා සෘජු දායකත්වය ලබා ගනිමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙහි දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd