ලංවිම-කොමිසමේ ගැටුම විසඳෙන තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නෑ
ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.