IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධික වැස්සෙන් 45,000 ක් පීඩාවට

(ඩයනා උදයංගනී සහ දිල්රුක්ෂි ග්‍රේරු )
 
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි සමග දකුණු හා බස්නාහිර පළාත්වල ඇතිවූ ගං වතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක පහක පවුල් 11,387කට අයත් 45,031 දෙනෙක් පීඩාවට පත්ව සිටින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
මෙයින් අවතැන් වූ පත් පවුල් 872කට අයත් 3,488 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 16ක රදවනු ලැබ සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
 
දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කයන්ට සහ බස්නාහිර පළාතේ කළුතර, කොළඹ, ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි මෙම ආපදා තත්ත්වය මතුව තිබේ.

ගාල්ල, බද්දේගම ප‍්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් කාන්තාවක්ද  ඊයේ (23) දිනයේදී මරණයට පත්විය.මෙම ආපදා තත්ත්වයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ හය දෙනෙකු තුවාල ලබා ඇත.

එමෙන්ම මෙම දිස්ත‍්‍රික්කයන්හි නිවාස 22ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 282කට අර්ධ හානි සිදුව තිබේ.

දකුණු පළාතේ පවුල් 3,529කට අයත් 13,926 දෙනෙක් මෙයින් පීඩාවට පත්ව ඇති අතර බස්නාහිර පළාතේ පවුල් පවුල් 7,858කට අයත් 31,165 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

දකුණු පළාතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉමදූව , හබරාදූව, අක්මීමන, අම්බලන්ගොඩ, යක්කලමුල්ල, බද්දේගම, වැලිවිටිය දිවිතුර, බෝපෙ පෝද්දල, ගෝනපීනුවල, කඩවත් සතර, හික්කඩුව, ඇල්පිටිය සහ බෙන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 2,933කට අයත් 11,510 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින අතර මාතර දිස්ත‍්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, දික්වැල්ල, තිහගොඩ, වැලිපිටිය, දෙවිනුවර, වැලිගම, හක්මන, මාතර, අතුරලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, පිටබැද්දර, කොටපොල, මුලටියන, පස්ගොඩ සහ අකුරැස්ස යන ප‍්‍රාදේශීය කොට්ඨාශයන්හි   ඇතිවූ ගංවතුර සහ නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් පවුල් 596කට අයත් 2,416 දෙනෙක් මෙයින් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

අද (24)  පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 272.3ක වර්ෂාපතනයක් කටුනායක ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ගාල්ල බද්දේගම ප‍්‍රදේශයෙන් මිලිමීටර 210.6ක්, මීගමුව ප‍්‍රදේශයෙන් මිලිමීටර 203ක්, දෙහිවල ප‍්‍රදේශයෙන් මිලිමීටර 169ක්, අංගොඩ ප‍්‍රදේශයෙන් 175.4ක් සහ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මිලිමීටර 148.3ක් වශයෙන් වර්ෂාපතන අගයන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

අධික වැස්සෙන් 45,000 ක් පීඩාවට

chandima Tuesday, 24 September 2019 12:29 PM

සෑම වසර කිහිපයකට වරක්ම මේ විදියට ගම් නියම් ගම් යටවෙනවා. ඒකට නිසි පිළියමක් ලෙස උස්බිම්වල නිවාස සංකීර්ණ සාදා මේ අවතැන් උදවිය ස්ථිරවම පදිංචි කරවන්න තිබුණා. එත් ඒ සජිත්ගේ ක්‍රමයේ කුකුල් කුඩු ව්‍යාපෘති නොවෙයි. නමුත් වැසි සමයට හෝ ගාල කෑ ගහනවා විනා අපේ දේශපාලඥයන්ට මේකට ස්ථිර විසඳුමක් නැහැ. කුළුණු ගහන සල්ලි වලින් නිවාස සංකීර්ණයක් සාදා තිබුණා නම් අඩු තරමින් දෙවැනි පරම්පරාවටවත් මේ ගංවතුර උවදුරින් බේරෙන්නට තිබුණා. කොහෙද? එවැනි වැඩ වලට තිබෙන මුදලින් තමන්ගේ සාක්කු වලට කොමිස් කුට්ටි නොලැබෙන නිසා ඒවාට අවධානය යොදන්නේ නැහැ. නමුත් අර පුහු වැඩ වලට ගත් ණය ගෙවන්නේ මේ සදා දුක්විඳින ගම්වල සිටින විදේශ ශ්‍රමිකයනුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site