( අජන්ත කුමාර අගලකඩ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවා ඇතැයි වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය , ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇතැයිද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය බාල්දු කරපු පව ගෙවන්න බැහැ. බොරුවට තැන නැහැ. අපි ඉන්නේ මහින්ද මහත්තයා ළඟ. මේවා දැකලා හරි කණගාටු හිතෙනවා.
සෙනඟ වැඩි නිසා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණය වෙන් කරන්නද?
මොනවා සාකච්ඡා කරන්නද ඔච්චර? පොදුහතුරා වන එජාපෙ පරාජය කරන්න.. දෙමල මුස්ලිම් අන්තවාදය පරාජය කරලා රට දිනවන්න පොහොට්ටුව එක්ක එකතු වෙන්න. පහුගිය අවුරුදු 4 තුළ වල පල්ලට ගිය රට ඩිංගක් හරි උඩට ගන්න එකතු වෙන්න උත්සාහ කරන්න.
බලය පෙන්නන්නද
ජනාධිපති මන්දිරය මහජන මුදලින් නඩත්තු කරන්නේ ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නයි.
ඔඩ්චර බලයක් තියෙනවා නම් ඒ අය ඇවිත් දණ ගහනකම් බලන් ඉන්න එකනේ තියෙන්නේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් තියනවද? ඉන්න ලොක්කෝ තුන්දෙනාව ත්‍රිවීල් එකක යවන්න පුළුවන්. බණ්ඩාරනායක වලෙන් නැගිට්ටොත් අාපහු එ්කටම රිංගනවා. පක්ෂයට අැනිබල් සමග හිටන් කරපු දේ දැකලා...
ලොකු උපදේශකත් නැති වෙන්නම ලණු දීලා අන්තිමේදී පැන්නා. කවුරු ඉතුරු වේවිද මන්දා ඔය පක්ෂයේ?
පසුගිය අවරුදු 71 දි රට කාබාසිනියා කිරීමට යත්නදැරූ අදෘශ්‍යමන් ජාත්‍යන්තර හස්තයන්ගේ රුකඩ මැඩගනිමින් විශාල ප්‍රගතියක්ද ලබා ඇතිබවයි මගේ හැගීම.1960 පටන් ජේවීපී නායකයෝ දේශපාලනය තියා සාමාන්‍ය ජීවිතය පිලිබඳවවත් අත්දැකීම් නැති පාසල් හා විශ්වවිද්‍යාලවල සිසුන් හා අනෙකුත් තරුණයින් ආයුධ සන්නද්ධ කර මොන විනාශය කර හෝ රාජ්‍ය බලය ලබාගන ගොවි කම්කරු ආඥාදායකත්වය රජකරවා සැමදෙන අතර සමසේ රටේ සම්පත් බෙදා විරුද්ධ වන්නවුන් මරා තුවකුවෙන් රටවැසියා බයගන්වා රටපාලනය කරන්නට ගිය හැටිත් මරපු හැටිත් 1988 - ජනපති වරණයේදී ඡන්දය දෙන මුල් පස්දෙනාගේ අත් කපන බවට තුවක්කු සලකුණ සහිත දැන්වීම ඇලවූ හැටිත් ඒ වාසිය ලබා බට්ටෝ පත්තුකර ආර්. ප්‍රේමදාස ජනපතිවරණය දිණු හැටිත් පිලිප්, ඇන්.ඇම්. කොල්වින්, රනිල්ගේ පියා යනාදීන් 1935 සිට පංති පවත්වමින් වගාකළ ට්‍රොස්කිවාදී විඥාණය මොටෙයියෝ දමා එත්දී දුවන කෝච්චියට හරක් දක්වනවා සේ 1971 දී සිරිමා රජයට හා ඉන්පසු බලයට පැමිණි ජේආර් රජයට ගහන්න ගිහින් රටත් කාබාසිනියා කර රජයේ හමුදාවන් ලවා බුරුතු පිටින් තරුණයින් හා නායකයින් ඝාතනය කරවා අද ඇන් ඇම් ල ගිය මාවතට නැඹුරුවී ඇති හැටිත් දන්නෝ දනිති. තරුණ කම එයයි
බහුතරය පීඩිතයින් බවට පත්කරලා බල තරගයේ යෙදුනු රදළයන් අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය නම් මල් මාලාව ඒ පීඩිතයින්ට පළඳවා රැවටු ධනේශ්වරයින් නිසා ඒ දෙගොල්ලන්ගෙන්ම පිඩිත වුවන්ගේ සුභ සිද්ධිය උදෙසා ඒ රදළ-ධනපතියන්ට එරෙහිව ඔවුන් සමග සිටිමින් නොනැවති විප්ලව කළ යුතුය යන ට්‍රොස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ට්‍රොස්කි හා ඔහුගේ රතු හමුදාත් මරා මිනීමරු සමාජවාදය බිහිකළ ලෙනින් න්‍යාය අනුව මොන විනාශය කර හෝ ගොවි කම්කරු ආඥාදායකත්වය බිහිකිරීම ක්‍රියාවට නැගීම නිසා සමාජවාදය මුළු ලෝකයෙන්ම ප්‍රතික්ෂේප වී ඇත. ට්‍රොස්කි පවා පවසා ඇති නොනවතින විප්ලව න්‍යාය කාල් මාක්ස්ගේ න්‍යාය බවත් ලෙනින්ගේ අතිධාවන න්‍යායට නැඹුරු වූ විජේවීර ඇතුළු අනුගාමිකයින් සමුල ඝාතනය වුයේ ඇන්.ඇම් ලා කළ ආකාරයට පාර්ලිමේන්තුව වේදිකාවක් කරගෙන නොනවතින විප්ලවන්යයෙහි නිරත නොවී පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයද මොට කරමින් රජයන්ට විරුද්ධව දුවන කෝච්චියට හරක් දැක්කුවා සේ ආයුධ සන්නද්ධ අරගලයකට කොල්ලෝ කුරුට්ටෝ මෙහෙයවමින් හමුදා පොලීසි සමග ගැටීම නිසාය. එසේ කළේ සිදුවන දෙය එයම බව දැන දැනම නොවේද? එසේ කර මියගිය අය විරුවන් කර ඒ වරද රජයන් පිට පැවරීම බුද්ධිමතුන් අනුමත නොකරති.