වතු කම්කරුවෝ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වසති තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත. 28 January 2019
රජයේ ප්‍රමාදයෙන් පිළිකා රෝගියෝ අසරණ වෙති රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය රෝහල් අර්බුදයකට මුහුණ දී ඇත. මෙම තත්ත්වය නිසා පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් ඖෂධ රෝහල්වල නොමැති බවත් එම ඖෂධ ලැබෙන්නේ කවදාද යන්න නිශ්චිත නැති බවත් වාර්තා වේ. 27 January 2019
වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් ලබා දීමට තේ මණ්ඩලයෙන් කෝටි 10 ක් වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර ඇත. 27 January 2019
බ්‍රසීලයේ මඩ සුනාමියකින් 9 ක් මරුට : 300 ක් අතුරුදන් බ්‍රසීලයේ යපස් පතළක වේල්ලක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණිකොණදිග බ්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බවද බලධාරීහු කියති. 26 January 2019
ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සංශෝධන ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සිංගප්පූරු අගමැති ලී සියැන් ලූන්ග් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) සඳහන් කර ඇත. 25 January 2019
බි්රතාන්ය මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බි්රතාන්ය මහේස්ත්‍රාත් අධිකරණයක් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2019
මුලතිව් නයාරු විහාරයට පොලිස් -හමුදා ආරක්ෂාව මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ. 25 January 2019
අභියාචනාධිකරණ සභාපතිධූරයට ජනපති එවූ නම දෙවැනි වරටත් ඉවතට අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ. 24 January 2019
යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක් යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ගොඩ ගෙන ඇත. 23 January 2019
කෝටි 100ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හොරායින් මත්ද්‍රව්‍ය සමඟ කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයකදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) අවසර ලබා දුන්නේය. 23 January 2019
කෝටි 100 ක හෙරොයින් සමඟ 5 ක් අත්අඩංගුවට රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත. 22 January 2019
මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන් - ජනපති මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) පැවසීය. 21 January 2019
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැළසුම් කළැයි කිය සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 30 වැනිදා 21 January 2019
කොටහේනේ වෙඩි තැබීමක් කොටහේන, හින්නි අප්පුහාමි මාවතේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 20 January 2019
කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ. 20 January 2019
නයිනමඩමේ රිය අනතුරකින් 6ක් මරුට වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2019
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය ශ්‍රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කර තිබේ. 19 January 2019
වසර පහකට පසු සා.පෙළ උත්තරපත්රයක් යළි පිරික්සන්න නියෝග අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2013 විභාගයට කොළඹ විශාකා විදුහලෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යාවකගේ ඉංග්‍රීසි උත්තරපත්රය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නැවත ස්වාධීන කමිටුවක් මගින් ඇගයීමට ලක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කීය. 18 January 2019
සණස බැංකුවේ කෝටි 75 ක් ඉල්ලා තැන්පත්කරුවෝ විදී බසිති ගම්පහ, විගොඩ සණස බැංකුවෙහි තැන්පත් කර ඇති රුපියල් කෝටි 75කට අධික මුදල් ආපසු ලබා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විගොඩ සණස තැන්පත්කරුවෝ අද (18) සවස ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වුහ. 18 January 2019
මහා භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් කෝටි 9000 ක් රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ. 17 January 2019
ලංකාව-පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තබා තිබේ. 17 January 2019
කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුතු හොරොන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 January 2019
චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයි චීනයේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 16 January 2019
ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහි නඩු කල් යයි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත්ට රැදී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (16) නියෝග කළේය. 16 January 2019
ව්‍යාපාරිකයෙක් පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු දක්ෂිණ අධිවේගීයේදී අල්ලයි අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයක දමාගෙන පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සමඟ එම මෝටර් රථයද අද (15) දහවල් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොල නිලධාරින්අත්අඩංගුවට ගෙන ඇත. 15 January 2019
අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් පිරිසක් තමා හමුවී රටේ මෙන්ම පක්ෂයේද ප්‍රශ්න ඇති බව සඳහන් කරමින් ඔවුන් අතරමං වී ඇති බව පැවසීයැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. 15 January 2019
කරාපිටිය රෝහලේ වහලයක මළ සිරුරක් එල්ලෙයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල් පොලීසිය පවසයි. 15 January 2019
කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 14 January 2019
ඉන්ධන බද්දෙන් කොටසක් කබීර් මාර්ග සංවර්ධනයට ඉල්ලයි ඉන්ධන අලෙවියෙන් ලැබෙන බදු ආදායමෙන් කොටසක් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදෙන්නැයි යෝජනා කරමින් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර ඇත. 13 January 2019
කැස්බෑවකු මස් කළ මව-දියණිය අත්අඩංගුවට බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා නියෝග කළේය. 13 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026