(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ක ගංවතුරින් හා මහ වැසි හේතුවෙන් පීඩාවට පත්වු පිරිස අද(28) වනවිට 31,318 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
සතියකට ආසන්න කාලයක් පුරා පැවති මහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 න් 15 කම ජනතාව පීඩාවන්ට පත්ව සිටිති.
මෙසේ පීඩාවට පත්වු පවුල් සංඛ්‍යාව 8257කි. එයින් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන අතර එහි පවුල් 2108 ක පුද්ගලයින් 8516 ක් පීඩාවට පත්ව ඇති බව කියයි.
හලාවත පවුල් 1989 ක පුද්ගලයින් 8287 ක්, මුන්දලම පවුල් 972 ක පුද්ගලයින් 3335 ක් , මහවැව පවුල් 718 ක පුද්ගලයින් 2696 ක්, වෙන්නප්පුව පවුල් 699 ක පුද්ගලයින් 2409 ක්, නාත්තන්ඩිය පවුල් 462ක පුද්ගලයින් 1640 ක් , කල්පිටිය පවුල් 323ක 959 ක්ද, මාදම්පේ පවුල් 309 ක 1179 ක්ද, වනාතවිල්ලුව පවුල් 158 ක 528 දෙනෙක්, දංකොටුව පවුල් 9ක පුද්ගලයන් 31 ක්, ආණමඩුව පවුල් 6 ක 25 දෙනෙක් සහ කරුවලගස්වැව සිව් දෙනෙක්ද පීඩාවන්ට පත්ව සිටිති.
මෙම පිරිසෙන් පවුල් 371 ක 1361 දෙනෙකු අනාරක්ෂීත ස්ථානවලට යැවු බවද පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය කියයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම පිරිසට පිසූ ආහාර හා වියළි සලාක ලබාදීමටද කටයුතු කරන බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පුත්තලමේ පීඩාවට පත් පිරිස 31,318 දක්වා ඉහළට