(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීය දායකත්වය සැපයීමත් වාර්තා වන කරුණු අනුව ඔහු එවැනි මැදිහත්වීමක් කර ඇත්තේ වෘත්තිය සමිතිය නියෝජනය කරමින් වීමත් ඊට හේතු හැටියට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය යොමු කළ එම ලිපියේ සඳහන් වේ.
මෙම තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන එහි සාමාජිකයන් ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරිවලට අනුයුක්තව සේවය කරන්නේ නම් එය දැඩිව සලකා බැලිය යුතු කරුණක් යැයි ද එම නිරීක්ෂණ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාගේ අස්සනින් යැවූ එම ලිපියේ සඳහන් වේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා තම දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙක්ය යන්න පසෙකලා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගී වෙමින් සිටින බව දන්වමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දන්නේ නැද්ද රජයේ වෛද්‍ය නිලධාරීන් කිසිම මැතිවරණයක රාජකාරි නොකරන වග...?
තාක්ෂණික සේවාවන්ගේ වැටුප විධායක නිලධාරීන්ගේ වැටුප සමග සමාන්තරගත කරඇති නමුදු ඔවුන් සිය රාජකාරිවලදී පරිපාලනයට සෘජුව සම්බන්ධ නැත. පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය නිලධාරින් මෙම වෘත්තීය සමිතිය නියෝජනය නොකරයි.
අසරණ රෝගීන් බිල්ලට දාලා තමන්ගේ පටු දේශපාලන අදහස් මුදුන් පමුණුවාගන්න හදන මෙවැනි වෘත්තිකයන් හට දැඩි දඬුවම් පැමිණවිය යුතුය. වෛද්‍ය ගැටළු ගැන සානුකම්පිකව බොහෝදෙනා බැලුවත් කම්පාව, භූමිකම්පාවක් කරන්න උත්සහා දරණ මේවැනි පටු අදහස් ඇති දේශපාලුවන්ව මුළු සමාජයම හෙලා දැකිය යුතුය.
දේශපාලනයට සම්බන්ධ වීමට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි
මේ මාෆියා සංවිධානයට දඬුවම් ලබා දෙන්න තරම් රජයට කොන්දක් තිබුණේ නැහැ. මොවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුනේ නැහැ. අඩුතරමේ මේ මැතිවරණය අවසාන වන තෙක් මේ මාෆියා කල්ලියේ නායකයින්ව සිරගත කළ යුතුයි. එසේ නොවුණ හොත් ජනතාව නිසි තීන්දුව ගනියි.
දොස්තර මහත්තුරු කොහොමත් එදාට පොරොත්තු රාජකාරිවල ඉන්න ඕනේ නේද? ඉතින් කොහොමද මැතිවරණ රාජකාරි වලට යවන්නේ?
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහින්ද දේශප්‍රිය මහතා වෙත යවා ඇති ලිපිය මෙසේය." වෘත්තීයවේදියෙකු ලෙස ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියකට තමාගේ, තම සංගමයේ යෝජනා ඉදිරිපත් කිරීම වරදක් නොවූවද මැතිවරණ කාලසීමාවක තරඟ වදින දේශපාලන පක්ෂයක වැදගත්ම අවස්ථාව වන ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදැක්වීම වැනි දේශපාලනික වැඩසටහනක වේදිකා ගතවීම සැබවින්ම දේශපාලනට සෘජු ලෙස දායක වීමකි.විශේෂයෙන්ම තැපල් ඡන්ද භාවිතය නුදුරු දිනයක පැවතෙත්දී රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයෙකු දේශපාලන වේදිකාවකට ගොඩවීම සමාජිකයන්ට වක්‍ර බලපෑමක් විය හැකිය. එමෙන්ම රජයේ වෛද්‍ය නිළධාරියෙකු මාණ්ඩලික නිළධාරීන් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලනික ක්‍රියාවලියකට සම්බන්ධවීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහදිලිවම සඳහන්ව ඇත.මධ්‍යස්ථව සිටිය යුතු මාණ්ඩලික සේවාවලට අදාල රජයේ වෘත්තීය සමිති නායකයෙක් මේ ආකාරයට දේශපාලනික ක්‍රියාවලියට සම්බන්ධවීමට ඉඩ ලද හොත් අනෙකුත් මාණ්ඩලික නිළධාරී සංගම්ද දේශපාලනික ක්‍රියාවලියට අවතීර්ණ වීමට ඉඩ ඇත.එබැවින් මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."
මේ අය හිතන් ඉන්නේ මේක තමිල්නාඩුව කියලයි.. ඔන්න බලාගන්න මේ අයගේ සද්දේ තරම...
ඒ අයට නිදහස තියෙනවා... කෙසේ වෙතත් ඔක්කොම ගෝඨාභයට කැමතියි. ප්‍රශ්නය අපි දුප්පත් මිනිස්සු... මේ අය කරන වැඩවලින් අපි අනාථයි.
බුද්ධිමත් සමාජය විසින් මොහුට නිග්‍රහ කරනු ඇත.
බුද්ධිමත් සමාජ මෙම සදාචාර විරෝධී නිර්ලැජ්ජිත ක්‍රියා ප්‍රතික්ෂේප කරනු ඇත
දැන් පේනවා නේද පසුගිය කාලේ සැම වැඩ වර්ජනයක්ම සිදු වුනේ කාගේ උවමනාවටද කියලා. අහිංසක රෝගීන් බිල්ලටල දුන්නේ පොහොට්ටුවේ උවමනාවට නොවේද. සමහර රෝගීන් ඇතිවෙනකම් ආණ්ඩුවට බැන්නා.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ කල මේ සංගමය මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන්ම ඉවත්කරන්න ඕනා. මේවගේ අයගෙන් බෙහෙත් රැගෙන සුව වෙනවට වඩා හොඳයි මැරෙන එක.
දැන් ඔය සංවිධානේ ඉන්න කිසිම නිලදාරියෙක් කිසිම දේශපාලන පක්ෂේකට සම්බන්ධ නැති අයද? මේ කට්ටිය කිසිම දේශපාලන පක්ෂේකට ඡන්දෙ නොදාන පිරිසක්ද? ඔය අවස්ථාවට සහභාගී වුන එකම රජයේ සේවකයා පාදෙනියද? අනුර කුමාරගේ ප්‍රකාශනය එළිදක්වද්දී කිසිම රජයේ සේවකයෙක් සහභාගී වුනේ නැතිද?
මේවානම් කිසිම සාධාරණ ඉල්ලීම් නොවේ. ඔවුන් සිතන්නේ එක වෘත්තියක් පමණක් අනෙක් වෘත්තියෙන් උසස් වෙනකොට සැලකිය යුතු බවයි.
පුරුවේ පිනකට දොස්තරලා වෙන්න අවස්ථාවක් ලැබුනම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කටපාඩම් කරලා විභාග සමත් උන ගිරව් රෑන වෛද්‍ය වෘත්තියට වඩා දන්නේ කෑගහන්න. එංගලන්තේ වගේ රටක නම් මේ වගේ අයව රෝහලක කාණු සුද්ද කරන්නවත් ගන්නේ නැහැ.
මේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද වෛද්‍යවරුන්ගේ ගරුත්වය බිංදුවට බස්සල ඉවරයි. මේක මහා අපරාධයක්. දැන් කළ යුත්තේ රටේ ඔක්කොම වෛද්‍යවරුන් එකතුවී මේ හොර නිලධාරීන් ටික පන්නා දැමීමයි. නැත්තම් වෛද්‍ය වෘත්තිය තව තවත් පහළට යනවා. මොවුන් හොර දේශපාලුවන්ට උදව් කරමින් අහිංසක දුප්පත් ලෙඩුන් නොමරා මරනවා.
මෙවැනි සුළුතරයක් නිසා මුලු රාජ්‍ය සේවයම හෑල්ලුවට සහ උපහාසයට ලක්වේ.
මුලින්ම ඔවුන්ගේ ළමයින්ට හොද පාසල් ඉල්ලුවා. දැන් තව එකක්. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටවීමට ඔවුන් ඉඩ නොදුන්නේද මේ ඒකාධිකාරිය අහිමිවේ යැයි සිතාය.