(දිල්රුක්ෂි ග්‍රේරු)
කෝටි දෙකක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනකු අද (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෝ වන අතර කාලයක සිට හෙරොයින් ජාවාරමේ නියැලෙන පුද්ගලයින් බව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ක්‍රිස්ටල් හෙවත් ‘අයිස් ‘ නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක්, හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 449 ක් සහ හෙරොයින් ග්‍රෑම් 16 ක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් .ලතීෆ් මහතාගේ නියෝග මත කොළඹ විශේෂකාර්ය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් අංශය මෙම වැටලීම කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රෑම් 9ට මරණ දඬුවම දුන්නා කියලා තිබ්බා. මේකට මොකක්ද ගන්න පියවර කියලා බලාගෙන ඉන්නවා ඉදිරියේදී....
ඡන්ද කාලේදී හොරු අල්ලයි, මළමිනී නැගිටෙයි.. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමනවා. නායකයින් හරි අවංක වෙනවා. එහෙමත් නැතිනම් දෙවිවරු වෙනවා. හැමදේම අපේ දෙපා මුලටම ගෙනත් දෙනවා. හරියට කියනවා නම් ලංකාව හරි පුදුම විදිහට ආශ්චර්ය මවනවා.
මරණ දඬුවම නියම කරලා අපේ සල්ලි වලින් ජීවිතාන්තය දක්වා කන්න බොන්න දීලා තියා ගමු අනේ... වෙන මොනවා කරන්න කියලද? ඕනෑනම් කාලයක් ගියාම කල්කිරියාව බලලා වෙසක් එකට හරි, නිදහස් දවසට හරි පොදු සමාවක් දීලා නිදහස් කරමු.. එහෙම හොඳයි නේද මම කියන්නේ? හාද?