IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ

(විනීතා එම් ගමගේ)
 
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා  අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

 
හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මහතා ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.
 
මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.
 
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබදව තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.
 
කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අස්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් මාරසිංහ මහතා මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.
 
 ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (24)

හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ

nimal Wednesday, 23 October 2019 10:51 AM

පාර්ලිමේන්තු වාර්තා ගැන කියන්න ඕන පාර්ලිමේන්තුවේ ඉදන් . මෙයා එකවත් දන්නේ නැද්ද

:       218       232

NishanWednesday, 23 October 2019 12:02 PM

හිස්බුල්ලා පොහොට්ටුවේ කොන්ත්‍රාත්කාරයා නිසා හිත රිදිලා වගේ... පොහොට්ටුවේ ලොක්කා තමයි මේ චෝදනාවේ අනිත් වග උත්තරකරු වෙන්නේ...

:       3025       2725

senaThursday, 24 October 2019 02:54 AM

බය වෙන්න එපා ඕක අපි හමුදාවට පවර ගන්නවා. රතන හිමි ඉන්නේ අපි එක්ක

:       2       130

bandaraThursday, 24 October 2019 04:29 AM

පාස්කු ප්‍රහාරය සධාරණීකරණය කරමින් වීඩියෝවක් දාපු වව්නියාවේ කුප්‍රකට මව්ලවි ඇප මත නිදහස්...

:       0       833

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 23 October 2019 12:25 PM

ඔක්කොම බොරු වැඩ. අර තාජුදීන්ගේ නඩු වගේ..

:       179       318

Prabha Wednesday, 23 October 2019 04:53 PM

කියන්නේ ඇත්ත නම් කොහේ ඉඳන් කියනවාද කියා අදාළ නැත.

:       0       92

nisamThursday, 24 October 2019 03:32 AM

මෙහෙම දේශපාලන වේදිකාවේ කිව්වම එ්ක ඒක පාක්ෂික කියලා සැකකරනවා. ඒකනේ සැකකුරුවකුත් නඩු ඇහුව වාර්තාවත් අරවිදියට දුන්නේ....

:       1       16

rajithaThursday, 24 October 2019 04:04 AM

වාර්තා දිදී ඉන්නේ... මාස 6ක් ගිහිල්ලත් කරපු මගුලක් නැහැ.

:       1       66

krishantha Wednesday, 23 October 2019 10:53 AM

අතීතයට බලපාන පරිදි මන්ත්‍රීකම ඉවත් කළාම 2013 දි මන්ත්‍රී නෙමේ. එතකොට රජය සමග ගිවිසුම අත්සන් කිරීම වැරදි නැහැ. කොහොමද මගේ නීති දැනුම? ආඩම්බරයිනේ. හැබැයි මේක පළවෙනි වතාව නෙමේ.

:       87       26

suriyaThursday, 24 October 2019 04:05 AM

ලොක්කා වගේම තමයි ගෝලයෝ ටික..., ප්‍රශ්නවලින් පැනලා යන්න අර කමිටු, මේ කමිටු, අර වාර්තා, මේ වාර්තා ඉවරයක් නැහැ. දැන් මාස 6ක් ගිහිලත් ඉවරයි.

:       1       35

Mahee Wednesday, 23 October 2019 11:37 AM

කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික් කට්ටිය සූදානම් එයාව මල් මාලා දාලා පිළිගෙන යථා කාලේදී ඇමතිකමකුත් දෙන්න. එහෙමයි අපේ ජාතිමාමක දේශපාලුවෝ.

:       39       113

Thiw Wednesday, 23 October 2019 01:00 PM

ආණ්ඩුව සමග ගිවිසුම් ගහලා ව්‍යාපාර කරන අගමැති කෙනෙක් ඉන්න එකේ ඕවා මොනවද?

:       440       725

surath Wednesday, 23 October 2019 01:20 PM

ආ.. කතානායක උතුමටද බාර දුන්නේ? එහෙනම් ටක්කෙට වැඩේ කෙරෙයි.

:       2       72

Jaya Wednesday, 23 October 2019 01:24 PM

මේ වෙලාවේ මේක ගෙනාපු ඇත්තම හේතුව මේක නෙවෙයි. හිස්බුල්ලා වෙනම ඡන්දය ඉල්ලන නිසා මේ ගොල්ලන්ගේ අපේක්ෂකයාට ටිකක් අවැසියි. ප්‍රතිවාදියාට වාසියි. කොහොමද ටිකිරි වැඩේ...

:       204       236

Priyantha Wednesday, 23 October 2019 02:47 PM

බයියන්ගේ දේශප්‍රේමියා...

:       42       258

Nimal Wednesday, 23 October 2019 03:48 PM

කවුද ඊළඟ මාරාන්තික උපවාසෙට ලැහැස්ති වෙන්නේ? මහනුවර එ්ක කළොත් අපිට මෙහෙ ඉඳලා බලන්න කට්ටිය එවන්නත් පිළිවනි.

:       7       40

prem Wednesday, 23 October 2019 11:05 PM

අනේ අනේ එය මේ පැත්තේ හිටිය නම් කිසි ප්‍රශ්නයක් නැහැ, එතකොට අසාද් සාලි, හකීම් , බදුර්දීන් හොඳයි , සිංහලයන් දැන්වත් ඇස් ඇරලා බලන්න , අපට වඩා හොඳ නායකයා කවුද කියල,

:       15       163

ranaThursday, 24 October 2019 04:16 AM

මේ ඔක්කොම අපිට පෙන්නන ආටක නාටක... ඔය නම් කියපු අය දෙපැත්තේම හිටියා නේද? කන්න ඕනෑ වෙලාවට කබරයා තලගොයා වෙනවලු නේද?

:       0       20

රොජර් බැනිස්ටර් Wednesday, 23 October 2019 11:50 PM

ආණ්ඩුව මොකටද ගිවිසුම් අත්සන් කලේ? ආණ්ඩුවට විරුද්ධවත් ක්‍රියා කරන්න

:       0       93

sharm warn Thursday, 24 October 2019 05:51 AM

හිස්බුල්ලා ගෝඨාභයට හේත්තු වුණාට පස්සේද කරපු වැරදි පෙනෙන්න පටන් ගත්තේ? අනේ බදියුදීන්වත් යවන්නකෝ.. එතකොට අපිට සාධාරණයක් ඉෂ්ට වේවි... මාස 6ක් ගියා නම් වැරදි පෙන්වන්න. දඬුවම් දෙනකොට කටුවපිටියේ, කොච්චිකඩේ, ශැන්ග්‍රිල්ලා එකේ සහ මඩකලපුවේ ඝාතනය වෙච්චි අය අලුතෙන් ඉපදිලත් ඉඳියි.. මේ වගේ කාලකන්නි රැලක්...

:       1       225

soliasThursday, 24 October 2019 06:12 AM

හිස්බුල්ලා අනාත වෙලා ඉන්නේ. ඒවුනාට බදුර්ධීන් හකීම්ට පුදුම පිළිගැනීමක් තියෙන්නේ...

:       0       127

Chanak los angelesSaturday, 26 October 2019 03:31 PM

හලෝ සාටක ඉල්ලුවෙත් රතන හිමි මැරෙනවා කියමින් පාරේ වාඩිවුනෙත් හිස්බුල්ලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නොවේද ? දැන් හිස්බුල්ලා ඝෝටාගේ රෙදි හෝදන්න ආවා කීවාම ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලද කියන්නේ ? එහෙනම් මෙතන තේරුම් ගැනීමට කාරණාවක් තිබෙනවා ...

:       0       0

Bamunuarachchi Saturday, 26 October 2019 08:19 AM

අඩුම තරමේ දැන්වත් එල්ලුම ගහ ක්‍රියාත්මක කරන්න හිතනවලකෝ...!

:       0       0

Chanak los angelesSaturday, 26 October 2019 03:50 PM

කොහොමද බමුණෝ ඒක කරන්නේ? හිස්බුල්ලා දැන් සාටකයින්ගේ මිනිහෙක්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 370 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site