(විනීතා එම් ගමගේ)
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මහතා ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.
මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබදව තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.
කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අස්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් මාරසිංහ මහතා මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.
ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු වාර්තා ගැන කියන්න ඕන පාර්ලිමේන්තුවේ ඉදන් . මෙයා එකවත් දන්නේ නැද්ද
අතීතයට බලපාන පරිදි මන්ත්‍රීකම ඉවත් කළාම 2013 දි මන්ත්‍රී නෙමේ. එතකොට රජය සමග ගිවිසුම අත්සන් කිරීම වැරදි නැහැ. කොහොමද මගේ නීති දැනුම? ආඩම්බරයිනේ. හැබැයි මේක පළවෙනි වතාව නෙමේ.
කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික් කට්ටිය සූදානම් එයාව මල් මාලා දාලා පිළිගෙන යථා කාලේදී ඇමතිකමකුත් දෙන්න. එහෙමයි අපේ ජාතිමාමක දේශපාලුවෝ.
ආණ්ඩුව සමග ගිවිසුම් ගහලා ව්‍යාපාර කරන අගමැති කෙනෙක් ඉන්න එකේ ඕවා මොනවද?
ආ.. කතානායක උතුමටද බාර දුන්නේ? එහෙනම් ටක්කෙට වැඩේ කෙරෙයි.
මේ වෙලාවේ මේක ගෙනාපු ඇත්තම හේතුව මේක නෙවෙයි. හිස්බුල්ලා වෙනම ඡන්දය ඉල්ලන නිසා මේ ගොල්ලන්ගේ අපේක්ෂකයාට ටිකක් අවැසියි. ප්‍රතිවාදියාට වාසියි. කොහොමද ටිකිරි වැඩේ...
බයියන්ගේ දේශප්‍රේමියා...
කවුද ඊළඟ මාරාන්තික උපවාසෙට ලැහැස්ති වෙන්නේ? මහනුවර එ්ක කළොත් අපිට මෙහෙ ඉඳලා බලන්න කට්ටිය එවන්නත් පිළිවනි.
අනේ අනේ එය මේ පැත්තේ හිටිය නම් කිසි ප්‍රශ්නයක් නැහැ, එතකොට අසාද් සාලි, හකීම් , බදුර්දීන් හොඳයි , සිංහලයන් දැන්වත් ඇස් ඇරලා බලන්න , අපට වඩා හොඳ නායකයා කවුද කියල,
ආණ්ඩුව මොකටද ගිවිසුම් අත්සන් කලේ? ආණ්ඩුවට විරුද්ධවත් ක්‍රියා කරන්න
හිස්බුල්ලා ගෝඨාභයට හේත්තු වුණාට පස්සේද කරපු වැරදි පෙනෙන්න පටන් ගත්තේ? අනේ බදියුදීන්වත් යවන්නකෝ.. එතකොට අපිට සාධාරණයක් ඉෂ්ට වේවි... මාස 6ක් ගියා නම් වැරදි පෙන්වන්න. දඬුවම් දෙනකොට කටුවපිටියේ, කොච්චිකඩේ, ශැන්ග්‍රිල්ලා එකේ සහ මඩකලපුවේ ඝාතනය වෙච්චි අය අලුතෙන් ඉපදිලත් ඉඳියි.. මේ වගේ කාලකන්නි රැලක්...
අඩුම තරමේ දැන්වත් එල්ලුම ගහ ක්‍රියාත්මක කරන්න හිතනවලකෝ...!