(සිතුම් චතුරංග)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දැක්වීමට ගත් තීරණයද අනුමත කරන බවත් සඳහන් කළේය.
අඩෙක්කලනාදන් මහතා අද (07) උදෑසන මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් පවසා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට තීරණය කළ බවයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය නියෝජිතයින් තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඒකමතිකව හිමිව ඇති බවත් හෙතෙම නිවේදනය සඳහන්කර සිටියි.
කිසිදු කොන්දේසියක් නොමැතිව ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවද සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සඳහන් කර සිටියේය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වි ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පසුගිය 03 වැනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළකරන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.
දෙමල මුස්ලිම් සහ සිංහල ජනයාගේ ඉතා විශාල ඡන්ද ප්‍රමාණයෙන් සජිත් මීළඟ ජනපති වෙනවා.
ජන රැල්ල හැටියට නම් ජනපති සජිත්ම තමයි.
නියමයි... දැන් ඉතින් අයියටයි මල්ලිටයි ජනේලයේ එල්ලෙන්නයි වෙන්නේ.
මෙය මොකද පරක්කු උනේ.
සජිත්ට සුබ පැතුම්
දුප්පතාගේ හිතවතා දිනනවා.
සජිත් නියත වශයෙන්ම ජනපති වෙනවා , තියුණු සටනක් තියෙයි නමුත් සජිත් දිනනවා
ඇතැමුන් උදම් අණනු පෙනේ. ත්‍රස්තවාදී අදහස් ඇතිවුන් සජිත් වටා රොක්වන්නේ කුමක් අරබයාදැයි ළදරුවෙකුට වුවද පැහැදිලිය. එවන් ළදරු මනසක් තරම්වත් වූ මනසක් නැති අය කකුළුවන් දිය උණුවෙනතුරු උඩ පණිනවා සේ සතුටු වේ. ඒ පක්ෂයක් පමණක් බදාගෙන සිටින පටු මිනිසුන් ය. සියල්ලට වඩා වටින්නේ රටය. රට රැක ගැනීම සඳහා බුද්ධිමත් ජනතාව පෙළ ගැසී ඇත. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.
සුපර් ස්ටාර් සජිත්
ඇත්තටම මොන මොන කොමෙන්ට් දැම්මත් දැනටමත් ජනමතය කාටද කියලා අපි 17 හවසට බලමු. මොකද මේ මිනිස්සු අමුතුවෙන් සජිත්ට සහයෝගය දුන්නේ නැහැ ..2015 ඉඳලා වගේම මේ ආණ්ඩුව ගෙනියන්න සහයෝගය දුන්නෙත් මෙයාලම තමයි. ලොකු රැල්ලක් එක්ක ආපු සිරිසේන ජනාධිපතිටත් ගන්න පුලුවන් වුනේ වැඩි ජන්ද ලක්ෂ 4. මේ අවුරුදු 4 නටපු මේ ආණ්ඩුව සහ මේකේ කුලියට කොමෙන්ට් දාන අයට දුවන්න වෙන දවස බොහොම ළගයි.
2015 දී මේ දුෂ්ටයන්ගේ අරමුණ උනේ සුළුතරයේ අතිශය බහුතරය සහ බහුතරයේ සුළුතරයේ සහයෙන් පවතී ආණ්ඩුව පෙරලීමයි. මෙවරත් ක්‍රියාත්මක වන්නේ එම උපාය මාර්ගය වුවත්, 'ලොස් ඇන්ජලිස් චානක' වැනි අන්ධ භක්තිකයන් හැරුණු විට සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිවකුත් මෙවර ඊට නොරැවටෙනු ඇත. ඊළාම් අරමුණ සමග සජිත්ගේ ප්‍රතිපත්ති සමපාත වනු බවකුත් ටෙලොගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
කට්ටිය පණ බයේ ඉන්නේ. කොන්දේසි අමතක වෙලා
වැරදි අශ්වයාටයි ඔට්ටු අල්ලා තිබෙන්නේ
මරු නාටකය.. මේ අය ඔක්කොම එකටනේ හිටියේ. දෙමළ සංධානය කියන්නේ මේ කට්ටියම නේද ? එතකොට ඇයි මේ කොටස් වශයෙන් සහයෝගය දෙනවා කියන්නේ දකුණේ අපි රැවටෙන්නද ඕනේ මේ වගේ සිඟිති වැඩ වලට. කරට කර නෙමෙයි සජිත් ගෝඨාභයට පරදින්නේ ලක්ෂ 8 එහා කියලා ලියලා තියාගන්න. ජීවිතේට අහපු නැති නම්වලින් එකම විදිහට කොමෙන්ට් දාලා පුලුවන්ද මිනිස්සුන්ගේ ඡන්ද වෙනස් කරන්න.
ටෙලෝ වගේද අපේ මහ ඇමති ?
මෙන්න සජිත් රට දෙකට කඩනවෝ. මේ අය පොහොට්ටුවට ආවනම්, හෙට ඉදලා දේශප්‍රේමි.
ඡන්දෙ දෙන්නේ මහජනතාව මිස මැති ඇමතිලා නොවේ. මෙතැනදී අවශ්‍ය වන්නේ මහජනතාවගේ කැමැත්ත පමණි.
සජිත්, ටී.එන්.ඒ, ටෙලෝ මේවා හොදට ගැළපෙනවා. හොද වෙලාවට අබුබකර් නැහැ. නැත්නම් එයාගේ සහයත් හම්බෙනවා.
දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ගේ සහ සිංහල යයි තමන්ම හඳුන්වාගන්නා නමුත් හිතින් ඇමරිකන්... 30 වසරක යුද්ධයකින් ජීවිත, අතපය පරිත්‍යාගයෙන් දෙමළ අන්තවාදීන්ගෙන් ගලවා ගත් මව්බිම නැවත ඔවුන්ටම පුදන්න වළි කන මේ රටේ ඓතිහාසික උරුමක්කරුවන්ගේ මළගම කරන්න සූදානම් පිරිසකගේ ජයග්‍රහණයක්...
කොන්දේසි විරහිතව ටොලෝ සහාය..? එතකොට අර ඉල්ලීම් 13 ඉල්ලුවේ කවුද..? තවත් ජනතාව මෝඩයන් කළ නොහැකිය.