(නිමල කොඩිතුවක්කු)
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය.
රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්වෙමිනි.
COMMENTS
එටකොට කොහොමද බ්‍රෑන්ඩ් නිව් ආණ්ඩුවක් වෙන්නේ. අනිවාර්යෙන්ම සජිත් රනිල්ගේ පෞද්ගලික ලේකම්.
තණ්හාය ජායතී සෝකෝ. අනේ අපේ රටට අබ සරණයි. රට කාපු අයට නැවත පාලන බලයක් ලබා දෙන්න තරම් රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි මහත්තයෝ.
වසන්ත විතරක් නෙවෙයි අපේ පාක්ෂිකයෝ ගොඩක් 1994 ඉඳන් අතරමන් වෙලා ඉන්නේ . මම නම් රනිල් දේශපාලනයෙන් ඉවත් වනතුරු ඡන්දෙ දෙන්න යන්නේ නැහැ.
අපිත් 94 ඉදන් කතිරේ ගැහුවේ නායකතුමා හැදෙයි කියලා අපේ ඇමතිවරු කියපු නිසා. මේ පාර නම් අපි රැවටෙන්නේ නැහැ. එයා පක්ෂෙන්ම අයින්වෙලා ගියොත් අපි නැවත එකතු වෙනවා.
වසන්තගේ ප්‍රශ්න 4න් එකකට දැන් පිළිතුරක් ලැබී ඇත.
අදත් හෙටත් එජාප නායකයා රනිල්මය. බැඳුම්කර රනිල් පන්නන්න කාටවත් බැහැ. බැරි වෙලාවත් සජිත් දින්නොත් අගමැති රනිල්මය.
එ්කයි සජිත්ට ඡන්දය නොදෙන ප්‍රධාන හේතුව... මොකද සජිත් පරිණත නැති කෙනෙක්.. ජාත්‍යන්තර අවබෝධය අඩු නිසා රට කාලාදානවා. සියලු දෙනා අවබෝධයෙන් ඡන්දය පාවිච්චි කරන්න.
මම කියන්නේ මෙච්චරයි. මෙවර එජාපෙ අපේක්‍ෂකයාට ජන්දේ දෙන්න කලින් එකම එක පාරක් මේ ටික හිතලා බලන්න. මහ බැංකුවේ මුල්‍ය වංචාවේ චෝදනාකරුවෝ ඉන්නේ කුමන අපේක්‍ෂකයාගේ පැත්තේද? කියලා. එච්චරයි. ඒත් තමන්ට හිත හදාගන්න පුලුවන්නම් මීට හය මාසයකට කලින් අකාලයේ මියගිය අපේ ජනතාවගේ ඝාතනය ගැන අන්න ඒ අයට තමන්ගේ කෙනෙක්ගේ මිනිය උඩ කකුලක් තියාගෙන චිත්‍රපටියක් උනත් බලන්න පුළුවන් බව අමතක නොකරන්න. ඔවුන් ඒ තරම්ම දේශපාලන අන්ධයින්.
ඔව් දැනුත් අගමැති. අගෝස්තු ආණ්ඩුව විසුරවලා නැවත ඡන්දෙකට යනකන් කොහොමත් අගමැති තමයි .
එතකොට අගමැතිලා තුන්දෙනෙක් වෙනවා. රනිල් සර්, මංගල සර් සහ රන්ජිත් මද්දුමබණ්ඩාර සර්. රටට හොඳ කලක් එයි.
මේ තරම් කලින් ඇයි සජිත්ගේ ඡන්ද කඩන්න පටන් ගත්තේ? අපි හිතුවේ අන්තිම සතියේ විතර වැඩේට බහියි කියලා. සජිත්ව අයින් කරලා ඔබ විපක්ෂ නායකකම කරන්න ඉන්න බව නම් මොලේ කළඳක් තියෙන කෙනෙක් වුණත් දන්නවා. කෙසේවෙතත් ඔබ අගමැතිකමෙන් අයින් වෙලා කැමති ඕනෑම දෙයක් කරගන්නවාට රටේ බහුතරයක් කැමතියි.
එය ජනතා කැමැත්තද?
සජිත්ට වෙන්නෙත් සිරිසේනට වුන දේම තමයි. රටට දෙයියන්ගෙම ම පිහිටයි. හීනෙන් හරි මෙයා ආයේ අවොත් මුහුදේ පනින්න තමා තියෙන්නේ කඩේ යන සෙට් එකටම.
හැබැයි ඊයෙත් සජිත් උතුමාණන් කීවේ ඔහු කියන කිසිම දෙයකට එරෙහිව යන්නට කිසිවෙකුට නොහැකි බව සහ පරණ පිරිසක් සමග ගමනක් නැතිවගයි. අලුත් එන්ජිම, අලුත් ඩයිනමෝව............මේ ඒවාද?
අනේ වාසනාවන් ගරු අගමැතිතුමනි. ඔබෙන් තොර පාලනයක් කරන්නට සජිත් තවම ළාමක වැඩියි.
දවල් හීන. මොකක්ද දන්නෑ කරන්න හිතන් ඉන්න උප්පරවැට්ටිය.
මෙයාටත් මහින්දටත් වෙනසක් නැහැ.
ගෝඨාභය ජනපති දරන රජයක තමන් හිරේ බව සිහිවේ.
එහෙනම් දෙයියන්ගේම පිහිටයි.
අනේ අර මනුස්සයට හම්බවෙන තවත් ඡන්ද අඩුවෙනවා...
ඔබතුමා ලංකාව දියුණු කරන බව අපට විශ්වාසයි.. සජිත් වෙනස් නොවේවා කියා පතමු.
කව්ද ඉතින් ඔය සැලැස්ම නොදන්නේ?
සජිත්ගෙ බුද්ධි මට්ටම එක්ක ගත්තම මෙතුමා ලගින් ඉන්න එක හොදා.
ඒකට ඉතින් සජිත් ජනාධිපති වෙන්න එපැයි . හීන බල බල ඉන්න දෙන්නත් එක්ක.
මේවා දැක දැක යූ.එන්.පී එකට ඡන්දය දානවද?
මෙයයි මහින්දයි ලේසියට ගෙදර යන මිනිස්සු නෙමේ. එලෙව්වත් එල්ලිලා හරි ඉන්න හදන ඇණ. ගෙදර යන්නේ යාලුවාවත් එක්කම.
සජිත්ගේ අදහස තමයි මෛත්‍රී හරි, චන්ද්‍රිකා හරි අගමැති කරවීම මංගල න්‍යායයි. එහෙත් එය ඉටු වන්නෙ නැහැ පරදිනවා මෙවර.... ලබන පාර අපේක්ෂකයා නවීන් හෝ විජයවර්ධන බව මතක තබාගන්න.
එතකොට සජිත්ට කරන්න තියෙන්නේ එක්කෝ කෑගහන ගෙම්බොත් එක්ක ඉන්න. එහෙම නැත්නම් ඉන්න මඩ ගොහොරුවෙන් ඉවත් වෙලා වෙනම කටයුතු කරන්න.
කවුද අගමැති කියලා දිනුවායින් පස්සේ තීරණය කරනවා කිව්වා නම් නේද හොඳ..?
2015 දි මෙයාලගේ කීම් වලට ඇඳගෙන ඉන්න කට්ටිය ඇර මොළය කලඳක් හරි තියෙන කෙනෙක්ට වැටහෙනවා කරුමෙටවත් මෙයාල ආවොතින් ඉදිරි අවරුදු 5 ඇතුළත අපේ රට ලෝක සිතියමෙනුත් අයින්වෙලා යන බව.
නිකන්ම අගමැති නෙමෙයි. විධායක අගමැති. ඔන්න එතකොට තමයි බෙල්ලේ වැලදාගන්න වෙන්නේ කාට කාටත්.
අපි සජිත්ට ඡන්දය දෙන්න තමයි හිටියේ... ඉවරයි. මේ අයත් එක්ක රට නැත්තට නැතිවෙනවා. මෙයා රට ඇමෙරිකාවට ලියන්න ප්ලෑන් එකක් තියාගෙන ඉන්නේ. අපි අදහස ඉවත් කරගත්තා.
සමහර නාලිකා මේ කතාව "බ්‍රේකින් නිව්ස්" හැටියට ප්‍රචාරය කළාට ගෝඨාභය දිනුවත් අගමැති රනිල්ම තමයි. මෙවර පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් මිස මහමැතිවරණයක් නෙවේනේ. ඉතින් කවුරු ජනාධිපති වුනත් පවතින රජය වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති වශයෙන් පත්වෙන කෙනාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබාගෙන නව අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලයක් පත් කළ හැකි බවයි අපගේ වැටහීම... මතකයිනේ අර දවස් 52 කදී ආවා ගියාට අගමැති කෙනෙක් පත් කරන්න ගිහිල්ලා කාපු පරිප්පුව... අපේ ඡන්ද දායකයින්ගේ හැටි සලකා බලනවිට රනිල් කරපු ඒ කතාව සජිත්ට අවාසිදායක වෙන්නත් බැරි නැහැ.
රටේ ආර්ථිකයට වූ වෙනස සැපද ?
ඔන්න බළලා දැන් තමා මල්ලෙන් ඇත්තටම එළියට පැන්නේ.
සජිත් දිනනවා කියන්නේ රනිල්ගේ බලය නැවත වරක් රනිල් ගන්නවා. රනිල් සිරිසේන එක්ක කළෙත් මේකමයි. රටට මොන හෙනේ වැදුනත්19 ගෙනල්ලා තමන්ට බලය තියාගත්තා. මේ පාරත් දුන්නොත් අර කාර් ගන්න හිටපු නංගිලාට සජිත් දෙනවා කියපු ඒවාවත් ගන්නවත් ලැබෙන්නේ නැහැ.
කිව්වත් නොකිව්වත් හොදින් හෝ නරකින් සජිත් දින්නොත් රනිල් අගමැති. ඒ වගේම ගෝඨා දින්නොත් මහින්ද අගමැති. ඕකනේ තියරිය.
ගෝඨට ඡන්ද තවත් වැඩිවුණා.
සජිත්ගේ සනීපාරක්ෂක තුවා බෙදීමේ සිහිනයත් බොඳ වෙන්න යන්නේ.
අනේ වාසනාවන්.
මෙයා එන හින්ද අපි සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ.
මහා පාවා දෙන්නෙක්. එම්.සී.සී ගිවිසුම ඇමෙරිකාව සමග හෙට අනිද්දම අත්සන් කරනවාලු. එහෙම වුනොත් අපේ රට ඉවරයි. එදාට මෙයත් ඉවරයි. රනිල් ඔබ මේ රට ඩොලර් මිලියන 400 කට පාවාදුන්නොත් එදා ඔබගේ ජිවිතයේ අවසාන දවස බවත් දැනගන්නවා. ඔබ වැනි පාවාදෙන්නෙක් මේ ඉතිහාසයේවත් ඉඳලා නැහැ.
අපේ රට ඇමෙරිකාවට පාවාදුන්නොත් සිදුවන්නේ ශ්‍රී ලංකා හමුදාවෙන් වෙඩි කා මියයාමට හෝ ගඩාෆිට වුණා සේ මහාජනතාවගේ ගුටි කා මහාපාරේ මිය යාමටයි. ඇමෙරිකාව එයාගේ වැඩේ අවසන් වුණාට පස්සේ ඔබව බේරාගන්න එන්නේ නැහැ. ඔබව අතහැර දමනවා.
රට හදන්න කොච්චර අය මේ ගමන ඡන්දෙ ඉල්ලනවද? ඒ අය ගැන කතා කරන්නේ නැත්තේ අැයි?
එහෙම වුණොත් රටම විනාසයි.
කාන්තාවන්ගේ මාස් ශුද්ධියට අවශ්‍ය දේවල් දෙන්නනේ මේගොල්ලෝ රට ගන්න හදන්නේ.. ගොන් කතා නොකියා රටේ දියුණුව ගැන හිතන්න..
දේශද්‍රෝහී, ජාතීද්‍රෝහී මනුස්සයෙක්. රට, ජාතිය, ආගම විනාශ කරනකම් නින්ද යන්නෙ නැද්ද? අපේ රටේ අනාගත පරපුරට විසදගන්න බැරි ප්‍රශ්න ගොඩක් හදලා තමයි මොහු යන්නේ. තාමත් මේක තේරුම් ගන්න බැරි නිවට වහල්ලුත් ඉන්නවනේ.
සජින් ද වාස් ගුණවර්ධන, මර්වින් සිල්වා, රවුෆ් හකීම් චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්රමසිංහ...