IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මරණ දඬුවම වළක්වාලීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  ( 29) තීන්දු කළේය.
 
 මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතයට පටහැනි බවත් , එමඟින් සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝගය තීරණය ක‍්‍රියාත්මක වළක්වාලමින් ලබා දී තිබූ  අතුරුනියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකකරණය ඊයේ  නියම කළේය.
 
 මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
 
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
 
එහිදී නීතිපතිවරයා විසින් පෙනී සිටි රජයේ නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට අනුව මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.
 
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ පෙත්සම් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට දැනටමත් අධිකරණය විසින් තීරණය කර ඇත්තේ අධිකරණ බලය තිබෙන නිසා බවත් එම නිසා මෙම පෙත්සම් විභාග කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවත් සඳහන් කළේය.
 
එම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය මහජනතාවගේ දැඩි අවධානයට යොමුවූ නඩු නිමිත්තක් බැවින් මෙය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා තමන් ඉල්ලා සිටින බවය.
 
තම  ඉල්ලීම් අගවිනිසුරුවරයා වෙත යොමු කරන්නැයි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන්  ඉල්ලා සිටියේය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සහ නීතිපතිවරයාද මෙම ඉල්ලීමට එකඟත්වය පළ කළේය.
 
එම ඉල්ලිම සටහන් කරගත් ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළේය.
 
ඉන් අනතුරුව පෙත්සම් සියල්ල ලබන දෙසැම්බර් මස 9 වනදා යළි කැඳවීමට නියෝග කළ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට නියම කළේය.
 
මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඞ් මිතාර් , හනීෆා ප‍්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර් , සුබ‍්‍රමනියම් ප‍්‍රනියමූර්ති ,කේ.එච් .ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක‍්‍රියාකාරීන්  විසිනි.
 
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ , ජනාධිපති ලේකම් උදය ආර් .සෙනෙවිරත්න , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.



අදහස් (4)

මරණ දඬුවම වළක්වාලීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි

Mahee Tuesday, 29 October 2019 07:34 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඒ නිසා ඔවුන්ගේ අයිතිවාසිකම රැකදිය යුතුයි. ඒ නිසා රැකදෙන්නට තරම් අයිතිවාසිකම් ඔවුන්ට නැත.

:       0       0

muhan Tuesday, 29 October 2019 07:45 AM

සිරා ගොඩ....

:       0       0

naween Tuesday, 29 October 2019 07:48 AM

උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන රැකබලා ගැනීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලන දේශපාලන පක්ෂ කීපයක් එකතුව දින කීපයකට උඩදී ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ ඉල්ලීම් 13ට උතුර නැගෙනහිර පිහිටි සියලුම බෞද්ධ ආගමික ස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන ඉවත් කළ යුතු යැයි ඉල්ලීමක්ද ඇතුළත් කර ඇත. අනාගතයේදී එවැන්නක් සිදුවීමේ අවදානමක් ඇති බවත්, එනිසා ඒවා ආරක්ෂාකර ගැනීමට කල්තියා පියවර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා තමා මෙම නීතිමය පියවර ගත් බවත්​ පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත. ආරක්ෂක ධුරය දරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම පෙත්සමේ 01 වැනි වගඋත්තරකරු ලෙස නම්කර ඇත.

:       0       0

Saman Tuesday, 29 October 2019 08:25 AM

මරණ දඬුවම නියෝගකර අායෙත් පෙත්සමක් දාලා අහෝසි කරගෙන ජීවත් විය හැකි රටක්... මිනිස්සු උපරිමයෙන් වැරදි කරයි. මෙයට ඉදිරිපත් වන නීතීඥයින් හෙළා දැකිය යුතුයි. කුඩු විකුණන කෙනෙක් කරන හානිය හා හිරේ ඉඳන් නැවත කිරීම... හරියට කුඩු ගහපු එකට ගැලවීමක් නැහැ වගේ විකුණන එකත් ඒ වගේ... එ්ක නිසා මරණ දඬුවම දියයුතුමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි
2025 මැයි මස 06 30 0

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු


පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට
2025 මැයි මස 06 74 0

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.


බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි වෙන්දේසි සමාගමට ලිපියක්
2025 මැයි මස 06 116 0

බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ


කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 157 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 347 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 586 2

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 749 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 191 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site