(සිතුම් චතුරංග)
වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ඉපැරණි සඳකඩ පහනක් මත දේව ප්‍රතිමා තැන්පත් කර පුරාවිද්‍යා ස්මාරක සියල්ල ඩෝසර් කර ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් ඕමන්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පැරණි ස්ථූප පාදම්, සිරිපතුල්ල ගොඩනැගිලි පාදම්, ගල් කණු, ගඩොල්, උළු ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් එලෙස ඩෝසර් කර ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර තිබූ ස්ථානයක් මෙලෙස හානිකර ඇති බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේය.
එම පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකර ඇති බවත් ඒ අනුව කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇති බවද පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වාදෙති.
ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම පමාවී ඇති අතර එම ස්ථානය විනාශ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ද පොලිසිය පැහැර හරිමින් සිටින බව වවුනියාව බෞද්ධ සංවිධාන පවසති.
බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි.
පැමිණිල්ල ඉදිරිපත් කර සති කිහිපයක් ගතවුවද මෙතෙක් පියවර නොගෙන ඇතැයි ද පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී උසස් නිලධාරියකු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කරත් මේවා හෙණ ගහන වැඩ.
ලංකාදීපයට ස්තුතියි. මෙවැනි දේවල් වලට මේ දවස්වල ප්‍රචාරය අඩුයි.
කෝ අර හාමුදුරුවෝ?
සිංහල බෞද්ධයාගේ සියල්ල විනාශ වෙනවා. අනේ ඒවා රැකගන්න නායකයෙක් අපිට ලැබේවා. ගෝඨා අවොත් කොන්ද කෙලින් තියන් තීරණ ගන්න පුළුවන් බව පෙන්වා ඇති නිසා මේවා රකින්න පුළුවන් වේවි.
කාට කියන්නද මේ අපරාධ? මේ විනාශ කරන්නේ නුපන් පරපුරක ඉතිහාසය. කොන්දක් නැති පාලකයෝ නිසා විනාශ වෙන අපේ ඉතිහාසය.
හාමුදුරුවන්ට කලින් සිද්ධියට උසාවි යන්නත් වෙලාලු නේද? ඇයි මේවා බලධාරීන් ගණන් ගන්නෙ නැත්තේ? ඒකනේ පුදුමේ කියන්නේ.
ගෝඨාභය එන්න තව දවස් 23යි.. අන්තවාදියෝ, බෙදුම්වාදියෝ කරන ඔක්කොම විනාසේ මේ දවස් 23 ඇතුළත මේ රටට කරයි. ගෝඨා අනිවාර්යයෙන්ම ජනාධිපතිට ඇති බලතල නැවත ගතයුතුයි. ඊට සිංහල 2/3ක බහුතරයකින් මීළඟ ආණ්ඩුව පිහිටුවන්න වෙනවා. සිංහල බෞද්ධ අනන්‍යතාවය කිසිම විදිහකින්වත් කෙළෙසන්න ඉඩ නොදිය යුතුයි.
මේක තමයි වෙනස. සිත කෝපකර නොගන්න වෙනස්ව සිතන්න පුරුදුවන්න නැත්නම් තව අවුරුදු 10කින් ගොඩාක් අමාරුවේවි..! වචනයේ පරිසමාප්තියෙන්ම " මවුබිමේ අනාථ වු අපි"
මේ අාණ්ඩුව තිබෙන දවසක් පාසා රට විනාශ මුඛයට යනවා. ඉක්මණින්ම නව රජයක අවශ්‍යතාව පේනවා. සංස්කෘතික අැමතියෙක් ඉන්නවද කියලා නැහැ. එයා තව ජනාධිපතිකමත් ඉල්ලනවා. දුන්නොත් කොහොමට හිටීද?
පුරාතන ලංකාවේ තිබූ බෞද්ධ විහාරවල ලැයිස්තුව හෙවත් නම් පොත හෙවත් විහාර අස්නෙහි සඳහන් වන වෙහෙරවිහාර වලින් අඩකටත් වඩා අද වෙනකොට කඩලා විනාශ කරලා ඒ මත අන්‍යාගමික පල්ලි, කෝවිල්, රජයේ ගොඩනැගිලි හදලා, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය හැරුණු විට ද්‍රවිඩ හා මුස්ලිම් ජාති වාදීනුත් ඒකම කරනවා. කොන්ද පණ ඇති නායකයෙක් නැති සිංහලයින්ට ලඟදීම පනින්න මුහුදවත් ඉතුරු කරපල්ලා...
ඉලයරාජා අදහස් දානවිට කල්පනාවෙන් ඉදිරිපත් කරන්න ඔහොම ගියොත් කෝවිල් ටිකත් එහි නටබුන් ටිකත් විනාශ වන්නට පුළුවන් තව ඉදිරියට... පෞරාණික වස්තුන්වල තිබෙන වටිනාකම දන්නේ නැති කෙනෙක් නිසා මට වෙන කියන්න දෙයක් නැහැ ඔබට...
මේවා හෙන ගහන අපරාධ.. සිංහලයිනි, නැගිටිව් කියලා කිව්වට මම ජාතිවාදියෙක් කියලා නම් කරන්න එපා. මේ විනාශ කරන්නේ අපේ ජාතික වස්තු නේද...?
සිංහලයා නිදාගන්නැති බව සියලුම සුලු උත්තමයින් දැනගෙන කටයුතු කිරීම යහපති.
හොඳ නායකයෙක් කවදා බිහිවේවිද මේ රටේ සිංහලයින්ට...
සජිත් තීරණයක් ගන්න ඕනේ... ගෝඨාභයට සහාය දෙන්න රට ගොඩගන්න... මොකද ඒයා අරාබියට බය නිසා ඩයස්පෝරාවට කොහොමත් බයයි..
මේක අපේ රටද?
එක අතකට මේවා මෙහෙම වෙන එක හොඳයි මේවායින් අපේ ගෝඨා සර්ගේ ඡන්ද වැඩිවෙනවා
මේවා මෝඩ අදහස් අපි ශ්‍රී ලංකන් වෙමු
තඹලගමුව රජ මහා විහාරය තිබුණ තැනත් කෝවිලක් හදලා අල්ල ගත්තා. දැන් ගුරුකන්ද රජ මහා විහාරයත් අයින් කරන්න දගලනවා. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරමින් ඒ ස්ථාන වල කෝවිල් හදන්න හදනවා.
මේ දවස්වල ඔය වගේ වැඩ හරි හරියට වෙනවා.
මමත් බල බලා ඉන්නෙ ගෝඨාභය එනකල්. මොනවා හොරකම් කළත් කමක් නැහැ ජාතිවාදය නැවැත්විය යුතුයි.නැත්නම් අපට ලංකාවක් ඉතුරු නොවෙනු ඇති.
යෝජනා 13 දැන්මම ක්‍රියා කරන්න වැඩ පටන් අරගෙන වාගේ කොහොම හිටී ද සජිත් ආවොත්
ඇයි මේ වෙලාවෙ මේ කතංදර අදින්නෙ? සංහිඳියාවට බාධා වෙනව නේ!
යම් හෙයකින් කෝවිලක් කඩා පන්සලක් ගොඩ නැගීමට උත්සහ කළොත් අත්වැරදීමකින් ....ලෝකේ ඉන්න හත් මුතු පරම්පරාවම අවි අමෝරනවා ...!! යුද්දේ කාලේ කෝවිල් වලට මුවා වෙලා කරපු දේවල් මරු .. මේවැනි දේ වලින් මේ අය පෙන්වන්නේ බලය බෙදු පසු උඹලට දෙන්නම් පාර ... සියලු ප්‍රාදේශීය සභා පළාත් සභා අහෝසිකර බලය අවමකිරීමට ඔවුන්ම පෙන්වන හොදම සාධක තමා මේ..... නමුත් සැබෑ යථාර්ථය නම් අධ්‍යාත්මක ගුණ ඉස්මතු වූ දා මෙවන් අසමජ්ජාතින් බිහි නොවීමයි ...එසදහා උසස් සංස්කෘතික දැනුමක් සහිත සමාජයක් බිහිවිය යුතුයි
ඉතිහාසය කන්නද? අපේ ලොක්කෝ අපට කිව්වේ එහෙමයි.
අපිත් ශ්‍රී ලංකන් තමයි. නමුත් අප උරුමය වනසනවාට විරුද්ධවිය යුතුයි.
වවුනියාවේ පොලිසියේ ඉන්නේ සිංහලද ?
ඉක්මණින්ම නව රජයක අවශ්‍යතාව පේනවා
ඉලෙයරාජා දෙමළ නමක් ගෙන ඉන්න සිංහල ජාතිවාදියෙක්, ඒ අයට ලේ දැක්කේ නැතොත් නින්ද යන්නේ නැහැ, සිංහල මිනිස්සු අවුස්සලා ඡන්ද කඩන්න තමයි ඔබ වාගේ අයට ඕනාකර තිබෙන්නේ, එයින් වාසිය කාටද, ආණ්ඩු කරන පක්ෂයට වාසියි ද? නැහැ, ඉතිහාසය බලන්න ලෝකේ කොතනත් ජාතිවාද ගැටුම් ආරම්භ කර තිබෙන්නේ ඔය විදිහට.
රටට හෙන ගැහුවත් යු එන් පී කාරයන් සදා නොවෙනස්
මේ අයගෙ මුතුන්මිත්තන් අනුරාධපුර යුගය විනාශ කළෙත් ඔය විධියටම තමයි. ඒවයි පුරුද්ද
ඉතාම කනගාටු දායක ප්‍රවෘත්තියක්. පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ඉවත් වියයුතුයි. මොවුන් ගුරුකන්ද විහාරයට කරන්නෙත් මෙයමයි. ඇමති රට බාරගන්න පෙරුම්පුරනවා, නමුත් අමන්තංශයේ වැඩවත් හරියට කරගන්න බෑ වගේ පෙනෙන්නේ.
මම කිව්වේ ඔහොම නෙමේ. අර පැලෝපීය නාලේ කේස් එක වගේ වැඩ මේ දවස්වල වැඩි වැඩියෙන් වෙනවා කියලා. ඔය ඔක්කොම ඡන්දේ බලාගෙන කරන වැඩ.
දුර්වල පාලකයන් පත් කරගැනීමේ විපත. කොපමණ පුරා වස්තු ඩෝසර් කරාද? කිසිම කෙනෙකුට තවම නීතිමය පියවර ගන්න බැරිවුනා. මේවා කරන්නේ භූමිය අයිති කරගන්න. පුරාවිද්‍යා එකයි පොලීසියයි ඇස් වහන් ඉන්නේ. අපේ රටේ ඉදන් අපිවම විනාශ කරනවා.
ඡන්දේ අස්සේ ජාතිවාදය අවුස්සන්න කමෙන්ට් දාන අයත් ඉන්නවා.
නටබුන් තියෙන හැම තැනක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සටහන් වී නැහැ. ඒ හින්ද පොලිසියට එකපාර මුකුත් කරන්න බලයක් නැහැ.