(නිමල කොඩිතුවක්කු)
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(4) හමුවූහ.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව කොළඹ අරලියගහ මන්දිරයේදී ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු අග‍්‍රාමාත්‍යවරයා හමු වූහ.
හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ඉදිරිපත් කර තිබෙන වාර්ථාත් මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප‍්‍රකාශත් පදනම් කරගනිමින් නව ව්‍යවස්තාව සකසන බවට ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති හමුවේදී දෙමළ පක්ෂ නායකයන්ගේ අවධානය යොමුවිය.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම පාර්ශවය වන ඉලංගයි තමිල් අරසුකච්චි සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට ඊයේ තීරණය කෙරිණි.
ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහායද සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ නිල ප‍්‍රකාශයක් කරන බව ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අලුත් දෙයක් නෙමෙයිනේ. මුළු රටම දන්නවා මෙයාලා හොරගල් ඇහුලුවේ සජිත්ට සහයෝගය දෙන්න තමයි කියලා. එල්.ටී.ටී එකයි දෙමළ සන්ධානෙයි අතර ලොකු වෙනසක් නැහැ. තාත්තා එයාලට ගෙඩියපිටින් උදව් කරපු නිසා එයාලා දන්නවා පුතා උඩින්ම එයාලගේ කොන්දේසි වලට කැමති කියලා.
ඔය එන්නේ.....රට පාවාදෙන අගමැතිගේ වැඩ.
එජාප එකට තියෙන මනාප දෙක තුනත් අවසන් වෙනවා.
සජිත්ට හොඳ වැඩපිළිවෙලක් තියෙන බව අනික් පොඩි පක්ෂ තේරුම් අරගෙන බව මේකෙන් හොඳට තේරෙනවා. අනික් අය මොන අවලාද නැගුවත් ජාතීන් අතර සමගිය ගොඩනගන එක තමයි පක්ෂයක ප්‍රධාන අරමුණ විය යුත්තේ...
මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය පතුරන්නන් සියල්ල එක පෙළකට සිට සිංහල අපිට බැරිි අැයි එකට සිටගන්න... මෙවර සිංහල බෞද්ධයින්ගෙන් 70%ක් වත් එකට සිටගත්තා නම් ඔය රෑනම ඉවරයි.
අයියෝ, මේ අය අනික් කෙනාට සපෝට් කරා නම්.., කෙලින්ම දේශප්‍රේමී ලේබල් එක ගහගන්න තිබ්බා.
ජාතීන් අතර සමගිය ඇතිකර එක ජාතියක් සේ සමගියෙන් සිටීමට කටයුතු කළ හැකි රජයක් ඇති කරන තුරු මේ රට වලපල්ලටම තමයි.
දෙමල ඡන්ද 10 වැටෙනකොට සිංහල ඡන්ද 100 නැතිවෙනවා කියලා මෙයාලා දන්නේ නැහැ. අනික අද ටීඑන්ඒ එකට උතුරේ ඡන්ද තියන්නේ 30%ක් විතරයි.
ජනාධිපතිවරණ සටන ආරම්භයේ දී ගෝඨාභය සියයට හැටකද සජිත් සියයට හතලිහකද ඡන්ද ප්‍රතිශතයක සිටියහ.නමුත් තම ප්‍රථම මාධ්‍ය හමුවෙන්ම ගෝඨාභය විශාල අවාසියක් කරගත්තේය. ඇල්පිටියේදී ශ්‍රීලනිපය පොහොට්ටුවට ඡන්දය නොදීමෙනුත් රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අයට හූ කීමෙනුත් ගෝඨාභයට සිදුවුයේ අලාභයකි. සජිත් සාර්ථක ගෝල්ෆේස් රැළියෙන් විශාල වාසියක් හිමි කර ගත්තේය. 2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙනා අයට මේ ආණ්ඩුව කෙරෙහි තිබූ ප්‍රධාන කලකිරීමක් වූයේ හොරුන්ට දඬුවම් නොදීමය. ඒ ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ එෆ්.සී.අයි.ඩී ලොක්කාවූ රවි වෛද්‍යලංකාර පොහොට්ටුවට එක්වී කළ ප්‍රකාශ වලින් හොරු ඇල්ලීමට බාධා කෙළේ කවුරුන්ද කියා ජනතාව තේරුම් ගත්හ. ඒවගේම මෝඩ ක්‍රියා නිසා මධ්‍යම පාන්තික ජනතාවට පොහොට්ටුව එපා විය. මෙවර ජවිපෙ වෙනම ඉදිරිපත්වීම නිසා සජිත්ට එක්තරා ඡන්ද ප්‍රමාණයක් අහිමිවෙයි. අද ශ්‍රීලනිප සංවිධායකවරුන්ගෙන් සියට 80 ක්ම ඉන්නේ චන්ද්‍රිකා-වෙල්ගම කණ්ඩායම සමඟය. 5 වෙනිදා රැස්වීමේදී ඔවුන්ගේ තරම පෙනී යනු ඇත. ඔවුන්ගේ සහාය ලැබුනොත් සම්ප්‍රදායික එජාප ඡන්ද සහ දෙමළ, මුස්ලිම් ඡන්ද සමඟ සජිත්ට සියයට 50 ගැනීම අසීරු වෙන්නේ නැත.
17 වෙනිදාට එජාප එක විරුද්ධ පක්ෂයේ වැඩිකිරීම ජනතා පරමාධිපත්‍යයෙන් සිදුවෙනවා.
මේක අලුත් දෙයක් නෙවෙයි. මෙයාලා කොහොමත් අවසන් වන්නේ සජිත් පුතාණෝ ළඟ... දුෂ්ඨ ඉල්ලීම් 13 දෙස නොබලාම ඒවා පිරිකෙව් කළ ගෝඨාභය මහතාට අපගේ ප්‍රණාමය...
අමතක නැද්ද 2015 මැතිවරණයේදීත් කිව්වා රනිල් මෛත්‍රී දෙන්න එකතුවෙලා රට කෑලිවලට කඩයි කියා. ඒ පළමු වතාව නොවෙයි රට බෙදනවා කෑලිවලට කඩනවා කියන... ඔය කතාව 1960 සිට කියනවා. නමුත් කව්රුවත් කඩන්නේ නැහැ. අපේ සිංහල බෞද්ධයන් හරිම තණ්හාධිකයි. රටවත්, බලයවත් වෙන කාටවත් දෙන්න කැමති නැහැ. කව්රු බලයට ආවත් රට කඩනවා, බෙදනවා කියන ඒවා බොරුකතා. ඕක දැන් යල්පැන්න කතාවක්. අපේ සමසමාජ පක්ෂයේ මෙදා පොටේ දෙනවා බැටේ කියනවා වගේ...