(ඩයනා උදයංගනී)
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා එම තනතුරට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මහමැතිවරණය පවත්වන තුරු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් සමග කටයුතු කළ නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගෙන මෙලෙස නව අග‍්‍රාමාත්‍යවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කරගන්නා බව ද අමරවීර මහතා කීවේය.
ඒ සදහා මන්ත‍්‍රීවරුන් 120කගේ පමණ සහය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබෙනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හඳුනන කාන්තාවකගෙන් ඡන්දය දෙන්නේ කාටද අහන්න? අද වනවිට සජිත්ට ඡන්දය දෙන්න කව්රුවත් නැහැ.
ඔව් ඉතින් ඒ ගොල්ලෝ බලය අතට ගත්තට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ නීතිය වගේ දේවල් ගණන් ගන්න එකක් නැතුව ඇති එහෙනම්. දවස් 52 වෙලාවේ 113 න් හදාගන්න කොටි ගණන් වියදම් කළත් බැරි වුණා කියලනේ එදා මැසිවිලි දෙඩුවේ... මෙදාපාර කීයක් වියදම් කරලා හරි වැඩේ කරගන්නයි බලනවා ඇත්තේ... එහෙම හොඳ නම් ඉතින් එහෙම වුණාවේ කියලා තමයි අපට කියන්න වෙන්නේ...
මල්ලි ජනපති, අයියා අගමැති.. එතකොට අපි වහල්ලුද?
අපි දන්නවා පවුලක් රජකරවන්න කේවට්ටයෝ රැළක් කරන කැපකිරීම. ඊට පස්සේ චමල් කථානායක. බැසිල් ආර්ථික සංවර්ධන ඇමති. පරම්පරාවේ හැමෝම ආණ්ඩුවේ. ඒක තමයි යතාර්ථය. 2015 ට පෙර තිබූ මේ සත්‍යය මිනිස්සුන්ට මතක නෑ.
දින 52 මතක නැතුව කතා කරනවා
ඕක ඉතින් ආයෙමත් මතක් කරන්න ඕන දෙයක් නෙවි!
ඉතින් ඒක වෙන්න ඉස්සර වෙලා ගෝඨා ජනාධිපති වෙන්න එපාය? කවුද ඔය නොපෙනෙන පේනය බැලුවේ?
පවුලක් රජ කරවන්න තරම් මිනිස්සු මෝඩ නෑ හලෝ. මෙයා ගොට්ට ඇල්ලුවට ඊළඟ මහ ඡන්දෙන් ගෙදර..
නම බුද්ධික වුණාට බුද්ධියෙන් බිංදුවයි.
එම වැඩසටහන සම්පූර්ණ කළහොත් අපට පාර්ලිමේන්තුවද වසා දැමිය හැකිය.
හිතන්න එපා මේක පවුලක් රජ කරවන්න හදන වැඩක් කියලා. මෙය රට විනාශ මුඛයෙන් ගලවාගන්න කරන වෑයමක්. සමහරු පවතින රජයට කැමතිවෙන්නේ ඇයි කියලා කියන්නේ නැහැ. මහින්ද බේරාදුන් රට දැන් යක්ෂයින් පිනුම් ගහනවා.. නොපෙනෙන ඇස් ඇති අය ටිකක් හිතා බලන්න. ඔබ මොන අදහස් තියෙන කෙනෙක් වුණත් මේ වෙලාවේ ගතයුතු තීරණය හොඳින් හිතා බලන්න. පසුව කළයුතු දෙයක් නැත. දැනටමත් රට විනාශ මුඛයේ තමයි තියෙන්නේ. මා මහින්දට කඩේ යනවා නොවෙයි.
ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද හැර වෙනත් කෙනෙකු බව හැකිනම් කියන්න රටම අවුල් කල පවුල් පාලනයට නැවත බලය දීමට තරම් ලංකාවේ මිනිසුන් මෝඩයන් නොවේ බුද්ධිමත් ජනතව සහ විශේෂයෙන්ම තරුණ පිරිස් මෙවර මැතිවරණයේදී පවුල් පාලනයට තිත තැබීමට බලා සිටි.
අපේ රට බලලෝභී පවුල් පාලනේ ඒ අයගේ බූදලේද? ඇත්තටම මේ රටේ අයට වඩා උගත්, බුද්ධිමත් හරිහමන් අය ඕනෑතරම් ඉන්නේ... අතීතයෙන් පාඩම් අරගෙන වර්තමානය ගැන හිතාබලා අනාගතයේ බුද්ධිමත් හරිහමන් කෙනෙක් පත් කරන්න ජනතාවට මොලේ පෑදේවා..!
පොහොට්ටුවෙන් ගුටි නොකා බේරන්ඩකෝ ඊට පස්සේ පුළුවන් ඔයකියන දේවල්කරන්න
වෙනසක් නෑ. ගිය සැරේ වගේ බහුතරය පෙන්නන්න වෙනවා . හැබයි ගෝඨාභය ජනාධිපති උනොත් දහතුන් දෙනා සල්ලිවලට හෝ චන්ඩිකමින් ගන්න ලේසියි.
ප්‍රශ්නයක් අහනකොට කියාගන්න බැරිව තමා පසුපස තියාගෙන ඉන්න අය දිහා බලන අයියටයි මල්ලිටයි ඡන්දය දෙන මෝඩයා කව්ද ?
එළවන්න හදපු අයත් එකම වේදිකාවේ....ගිනි තියා ගන්නවා කියපු අය කෝ දැන් ? බුද්ධිමත් ජනතාවෙනි සාටකයන්ට නොරැවටෙන්න.
මේ පක්ෂ ටිකේ නායකයෙකුට සුදුසුකම් ලත් වෙනත් උගත්තු ඇත්තේම නැතිද?
පාකිස්ථානයේ ජනතාවට සේ ලෝකයේ ජනතාවට රට ගැන අදහසක් කවදා ඒවිද?
ගෝඨාභය ජනාධිපති වුණොත් ජනාධිපතිත් මහින්ද, අගමැතිත් මහින්ද තමයි.
රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. පහුගිය අවුරුදු 4 වූ දේවලුත් මතකයි. මොනවද අවුරුදු 4ක් කරේ? දැන් ඇමරිකාවට රට විකුණන්න ගිවිසුමත් ගහලා ඉවරයි.
ගමරාල, ඔබ කියන ඔය රට බේරාගැනීම කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? කරුණලාට ඇමතිකම් දුන්නේ, සහරාන්ලට පඩි ගෙව්වේ, ශරියා විශ්වවිද්‍යාලයට අවසරදුන්නේ, විල්පත්තුව කපන්න පර්මිට් දුන්නේ, කොළඹ කෑල්ලක් චීනෙට දුන්නේ, කුඩු මුදලාලිලා රැකගත්තේ කව්ද? රට බේරන්නේ එහෙමද?
සජිත් අපේ ජනාධිපති 2020 - 2025 ජය නියතයි...
එක පවුලක පාලනයකට රටක් යටත් කරගෙන රාජාණ්ඩුවක් හදන එක මේ කලේ හැටියට නම් කියන්න තියෙන්නේ ගෝත්‍රික වාදයට ආපසු යමක් වගේ තමයි. අන්ධ විදියට පක්ෂ නායකයන් පස්සේ යන එක අපේ රටේ මිනිසුන්ගේ කරුමයක්. ලෝකයට ගැලපෙන විදියට රටක් ඉස්සරහට යනවා මිසක් නායකයෝ බේරගන්න විදියේ සංස්කෘතියට යාම අපේ විනාශයට හේතුවයි.
බලාගෙන යනකොට ජනාධිපතිවරණයේදී තියෙන්නේ සජිත් - ගෝඨාභය තරඟයක් නෙවෙයි, ඒකට මුවාවෙලා රඟන රනිල් - මහින්ද තරඟයක්නේ. 2005, 2010 වගෙමයි මේ තරඟයත්...
විරුද්ධ කොමෙන්ට් කාරයින් මෙතන වැලලෙන්න හැදුවට ගෝඨා-මහින්ද සුසංයෝගයට රටම කැමතියි. මේ විහිළුකාර ආණ්ඩුව ගෙදර යවන්න රටම තීරණය කර ඇත්තේ එ් නිසයි.
පවුලකට කෙලවන්න ගිහින් රටකටම කෙලවුණා. ආර්ථිකය කඩා වැටුණා. අන්තවාදීන් පිනුම් ගහන්න ගත්තා. මරණ බය හැමෝගෙම හිතට ආවා. අහිංසක ජීවිත බෝම්බ වලට බිලිවුණා. තමන්ගේ අම්මා, තාත්තා, දූ පුතුන් අහිමි වුණු මිනිස්සුන්ට ආණ්ඩුව සරදම් හිනාවෙන් සංග්‍රහ කළා. ජාතික සමගිය වලපල්ලට ගියා. ලස්සනට ගොඩ නැගෙමින් ආ රට ඉන්න නොහිතෙන තැනක් බවට පත්වුණා. පරිසරය විනාශ කරද්දී රටම ඊට එරෙහි වෙද්දී පවුලක් නොවේ කියන ආණ්ඩුව ඇස් කන් වසාගෙන හිටියා. ජාතික සම්පතක් වූ හම්බන්තොට වරාය කුණුකොල්ලෙට චීනෙට දීලා අත පිහගත්තා. අද චීනයට එය මිළකල නොහැකි සම්පතක් වෙලා. ඇමරිකාවත් සමග හොර ගිවිසුම් ගහලා රටේ ස්වාධීනත්වය නැති කරන්නත් අර අඳිනවා. රට හැම පැත්තෙන්ම පරාජිත වෙලා.
අයිියට නොදුන්නු සහය දෙයි මල්ලිට.
නියමයි. ලේසියෙන්ම රට කළ හැකියි. ඕනෑම ප්‍රශ්නෙකට අයියා තමා දන්නේ...
සිංහලයා මෝඩයා. කැවුම් කන්න යෝධයා. මල්ලී ජනාධිපති. සහෝදරයා අගමැති.
පවුල් බලේට යට වූ වහල්ලු...