(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මූලික වගකීම රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානීන් බාරගත යුතු බව එම ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි.
මෙයට අමතරව ජාතික බුද්ධි ප්‍රධානී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්, හිටපු පොලිස්පති යන ප්‍රධානීන්ද මෙම සිද්ධියට වගකිව යුතු බව සඳහන් කරන එම වාර්තාව ජනාධිපති, අගමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා අතින්ද යම් යම් අතපසුවීම් සිදුවී තිබෙන බව අනාවරණය කරයි.
රාජ්‍ය බුද්ධි සේවයේ අඩුපාඩු රැසක් සිදුවී තිබූ අතර එහි ප්‍රධානීන් නිසි පරිදි රාජකාරි කර නොතිබිණැයි ද වාර්තාවේ දැක්වෙයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් මැතිසබයට ඊයේ (23) ඉදිරිපත් කරනු ලැබීය.
සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලිය පිළිබඳව කල්තියා තොරතුරු ලැබී තිබියදීත් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් කර තිබියදීත් වගකිවයුතු අංශ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නොතිබූ බවත් මුල සිට අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කළේ නම් මේ ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන් වෙයි.
මේ ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු දැනගත් අවස්ථාවේදී ඒ පිළිබඳව කාදිනල්තුමන් දැනුම්වත් කළේ නම් ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව කියන වාර්තාව සහරාන් කල්ලිය ක්‍රියාත්මක වූ නැගෙනහිර පළාතේ පොලිස් ප්‍රධානීන් කිසිවකුටත් මේ සිද්ධිය පිළිබඳව දැනුම් නොදීම විශාල අඩුපාඩුවක් බවද ප්‍රකාශ කරයි.
අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි.
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබ තිබුණත් ප්‍රහාරය සිදුවන තුරුම එසේ ඉවත් කළේ ඇයි දැයි විමසීම් කර නොතිබූ බවද වාර්තාවේ දැක්වෙයි.
වගකීම් විරහිත වෛරී ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාටද චෝදනා නගා ඇත. සහරාන්ලාට ක්‍රියාත්මකවීමට යම් යම් දේශපාලන ශක්තීන් ලැබුණේ දැයි වෙනම විමර්ශන කළ යුතු බවද එහි දැක්වෙයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව මගින් විශේෂ නිර්දේශ අටක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ආරක්ෂක හා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කිරීම, ආගමික අන්තවාදය පාලනය හා අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාදයන් වැළැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධාන කිරීම, වහබ්වාදයට, ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම, මාධ්‍ය වාර්තා කරණය හා ව්‍යාජ පුවත් ගැන අවධානය යොමු කිරීම, දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් වගවීමට සැලැස්වීම හා නැගී එන අන්තවාදය මැඩපැවැත්වීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම ඒ නිර්දේශ අටයි.
මේ වාර්තාව කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කර ඒ මාර්ගයෙන් අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිබඳ දින දෙකක විවාදයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ යහපාලන ආණ්ඩුව බාරගන්න ඕනේ..
කෝටි ගාණක් වියදම් කරලා සැකකාරයෝ, නඩු කාරයෝ කරලා නඩු අහලා අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. අපේ කාදිනල්තුමා කියූ දේ 100%ක් නිවැරදියි. මාස 6ක් කාලා කරපු මගුලක් නැහැ. ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරුනි, ඡන්ද හිඟමනේ ගෙවල් ගානේ එන්න එපා...
මේ ප්‍රහාර වළක්වා ගන්න තිබුණු හොඳ අවස්ථාව තමයි වනාථවිල්ලුව ලැක්ටෝ වත්ත බෝම්බ සොයාගැනීම.. එතැනදී සිදුවූ පරික්ෂණ ප්‍රමාණවත් මදි කියලා කියන්න පුළුවන්... හැබැයි එම සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ව ගැට ගහලා තිබුණා වාගේ ආරංචි වුණා. ඒ නිසා සමහර පරීක්ෂණ යට ගියා.
ලංකාවේ නීතිය බල්ලට ගිහින්... බෙල්ල කැපුවත් ඇත්ත කියන්න ඕනෑ.. රටේ නීතිය ස්වාධීන වෙන්න ඕනෑ.. එ්ත් දැන් එහෙම නැහැ.. රටේ නීතියත් රටේ පාලකයන් අතට අරගෙන.. ඔය කියන කොමිසමට කොච්චර නම් මුදලක් වැය කළාද? මිනිසුන්ගේ වටිනා කාලය, ඇත්තටම අහිංසක මිනිසුන්ගේ අස්ස වහලා කරන ලද බොළඳ රංගනයක් විතරයි ඔය කියන කොමිසම කලේ...
දේශපාලුවෝ?
"අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි" මේ වාර්තාවේ හිතන්නම ඕනේ තැන මේක. ත්‍රස්තවාදයට ඕනේ විදියට වැඩෙන්න පසුබිම හදලා දුන්නේ ඔතැනින්. රට, අාගම සහ ජාතිය ගැන හැඟීමක් නැති බලය විතරක් පාර්ලිමේන්තුව ඇතුලේ ඔළුගෙඩි වලින් තියාගන්න ඕනේ කියලා හිතන කාලකන්නි අමන පාලනයක් සහ පාලකයෝ හින්දා මේ සිද්ධිය වුනේ කියන එක රහසක් නෙවෙයි. රනිල්ට බලයේ සහ පක්ෂ නායකකමේ ඉන්න කරන්න බැරි දෙයක් නෑ කියලා මිනිහ ඔප්පු කරලා ඉවරයි. එ්ක රටක් ඇතුලේ නිදහසේ සාමයෙන් සහජීවනයෙන් ඉන්න බැරි දේශපාලන විෂබීජ ටික නැති කරනකන් එක එක මුහුණුවරින් මේ ප්‍රශ්නේ කාලෙන් කාලෙට මතුවෙයි. යහපාලන ආණ්ඩුවට මේ වගකීමෙන් කොහොමත් ගැලවෙන්න බැහැ.
"අන්තවාදී කණ්ඩායම් ගැන රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්තවාදී විමර්ශන අංශය මුල සිට විමර්ශන කළද 2018න් පසුව ඒ කටයුතු රාජ්‍ය බුද්ධි සේවයට පවරා ත්‍රස්ත විමර්ශන අංශය ඒ කටයුතුවලින් ඉවත් කළ බවද එහි සඳහන් වෙයි." මෙතන නේද පළමු සහ තීරණාත්මක වැරැද්ද වෙලා තියෙන්නේ .. කවුද මෙසේ කරන්න තීරණය කලේ කියල සඳහන් නැත්තේ මොකද ?
ලොක්කා මැරෙන්න බයට ආරක්ෂා වෙන්න ගත්ත තීන්දු තීරණ හින්දා රටත් ආරාජිකවෙලා කඩාවැටිලා... මහා පරිමාණ බෝම්බ වැලකුත් ගිහින් නැවතුනේ කියලා හිතෙන්නේ මට විතරද?
නීතිපති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම ඔය ත්‍රස්තවාදී ක්‍රියාවට රුකුලක් වී තිබුනා. සහරාන්ලා සම්බන්ධ ලිපි ගොනුවක් එක රජයේ නීතිවේදියෙක් ලග අවුරුද්දක් විතර කිසිම වැඩක් නොකර තියාගෙන ඉදලා තියෙනවා. ඒ ගැන ද පරීක්ෂණයක් කල යුතුය.
ජනාධිපති, අගමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා අතින්ද යම් යම් අතපසුවීම් සිදුවී තිබෙනවා. 300 ජීවිත අහිමි වෙලා, ආබාධිත වෙලා, දෙමව්පියන් අහිමි වෙලා, නමුත් යම් යම් අතපසුවීම්. මේ වාර්තාව කොහොමටත් පිළිගන්න බැහැ. ජනාධිපති අගමැති අතර තිබු බල තන්නාව නිසා මේ ඛේදවාචකය වුනේ. ඒකයි සත්‍ය.
යන්තම් ඇති අර බදුර්ධීන් සහ හකීම් බේරුනා. නැත්නම් ඉඳලා ඉවරයි.
මෙයට මුලින්ම වගකියන්න ඕනේ රටේ ආරක්ෂක ඇමති. හේතුව ඔහු තමා රටේ ත්‍රිවිධ හමුදා ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්, පොලිස්පති වැනි ආරක්ෂාවට වැදගත් වන නිලධාරීන් පත් කරන්නේ. මෙම සිද්ධිය වෙනකොට නීතිය සහ සාමය ඇමතිකම තිබුනෙත් ඔහු යටතේ.දෙවනුව නියෝජ්‍ය ආරක්ෂක ඇමති... ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගී වෙන්න ඔහුට ආරාධනා පත්‍ර අවශ්‍ය නැහැ. ඒක ඔහුගේ වගකීමක්. යම්කිසි පුද්ගලයෙක් ඒකට බාධා කරනවානම් ඔහුට පුළුවන් ඒගැන අගමැතිට, කතානායකට හෝ ජනපතිට ලිඛිතව දන්වන්න. එහෙම දෙයක් සිදුවෙලා නෑ. අගමැතිත් මෙම තත්වය දැනගෙන නිහඩව සිටීම වරදක්. එම කාලයේ මෙම රැස්වීමට සහභාගී වුන සියලු දෙනාම මේ වගකීම භාරගන්න ඕනේ.
මේ කතාවේ සාරාංශයනම් මෙම සිද්ධිය පිළිබදව වගකීම සම්පුර්ණයෙන්ම පවතින රජය භාරගත යුතු බවයි. ගෞරවය රැකගැනීමට බලාපොරොත්තු වන්නේනම් වහාම ජනතාවට ප්‍රකාශයක් කර බලයෙන් ඉවත්වන්න.
කොහොමටත් මේ කාරක සභාව පත්කරන්නේ ජනාධිපති අගමැති හා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිව ආරක්ෂා කරලා නිලධාරීන්ව ගස් යවන්න බලාපොරොත්තුවෙන් තමයි. මේ අය සේරම එකම අත්තේ වහන කුරුල්ලෝ.
අන්තිමට වතුර බහින්නේ පල්ලෙහම තැනින්නේ...
පුදුමයි පල්ලි ගිය අය වැරදිකාරයෝ නොවුන එක.....
මම හැමදාම කියනවා වගේ මගේ මාතෘ භූමිය විනාශ කලේ මේ දේශපාලුවෝ.
පාස්කු විපත්තියට හේතුව කෙටියෙන් මෙයයි . 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන වරදයි. මෙයින් රටට නායකයෙක් නැතිවිය. නායකයෙක් නැති නිසා පහළ ස්ථතරයේද නායකත්වයක් නැතිවිය. ඒ නිසා වගකීමක් බාරගන්න කෙනෙක් නැති විය. ලැබුණු පණිවිඩ හුළගේ පාවිය. මෙසේ බලනවිට 19 ගෙන ආපු පාර්ලිමේන්තු ලොක්කෝ වරදකරුවෝය.
රාජ්‍ය නිලධාරීන් ගිරයට අසුවුණු පුවකක් වගෙයි. යම් තීරණයක් අරන් වැඩක් කරන්න ගියාම අයි අපෙන් අනුමැතිය නොගෙන කලේ කියලා අසනවා. වැඩේ වැරදුණාම ඇයි ඒ වැඩේ නොකළේ කියලා අහනවා. මේ සේරටම මුල ආරම්භයේ පටන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් තමන් සතු නිල බලය පසෙකලා දේශපාලකයින් ඉදිරියේ තාන්න මාන්න උසස්වීම් වෙනුවෙන් දෙකට නැමීමයි. දැන්වත් ඔබලාව කටින් බය කරගෙන සිටින මේ හොරුන්ට යටත් නොවී තමන්ගේ රාජකාරි බලතල ක්‍රියාත්මක කරනවා නම් ඔවුන්ගේ නීත්‍යානුකූල නොවන නියෝග ඉවතලනවා නම්, ඒ වෙනුවෙන් නීතිය ඉදිරිය කටයුතු කරනවා නම්, ඔවුන් කැනහිලුන් මෙන් නැට්ට හකුලා ගන්නවා සිකුරුයි. පසුගියදා මාධ්‍ය මගින් අප දුටු කොමිසම්වල ප්‍රශ්නකිරීම් වලදී, ඉහළ රජයේ නිලධාරීන්ට ඔවුන් කතා කළ විලාශයෙන්ම ඔවුන් කොතරම් ඔලුව උදුම්මවාගත් අමනයින්දැයි අපට පැහැදිලි වුණා. එයට හේතුව ඔවුන්ගේ තනතුරු වෙනස් කිරීමට හෝ ඔවුන් වෙනුවට වෙනත් නියම ජනතා නියෝජිතයින් පත්කර ගැනීමට හෝ ඇති සියලුමන් ඔවුන් විසින්ම අවුරා ඇති බව ඔවුන් දන්නා නිසයි...
මට කියන්න තියෙන්නේ මැල්කම් කාදිනල් තුමා කිව්වා වගේ කරුණාකරලා දැන් ගෙදර යන්න කාළේ ඇවිත් ඇත. වෛර නොකරන්න
එතකොට ජනාධිපතිණේද මෙම දවස් වල ආරක්ෂක ඇමති . එයාගේ වග කීම කුමක්ද ?