(නිමන්ති රණසිංහ)
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අයවලූන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරීමට කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ බෞද්ධයින්ට රිදවන්න. සමෘද්ධි සල්ලිවලින් උපවාස කළ කාලේ රටඉඳි බෙදුව අයත් හිටියා 2000දී.
දෙයියනේ සඳහිරු සෑයේ නිධන් කරලා තියෙන්නෙත් හොරකන් කරපු රත්තරන්ද? හිතාගන්න පුළුවන් නේද මේ සහෝදර සමාගම ආපහු එන්න මෙච්චර වලිකන්නේ..
මේ විදියටම ආරක්ෂක මූලස්ථානය ඉදිකළ ඉන්ජිනේරුවන්ගෙන් ප්‍රශ්න කළා. ද්‍රවිඩ ජාතික නිලධාරින් යොදලා (ද්‍රවිඩ ජාතිකයන් එම ඉදිකිරීම්වලට සම්බන්ධ කරගත්තේ නැති නිසා වෙන්න ඇති). අන්තිමේ මොකවත් සොයාගත්තේ නැහැ.
නිවාස අධිකාරියේ හම්බන්තොට ඉන්න සේවකයන් 1400 කට කරන්න තියෙන්නේ දේශපාලන රැස්වීම්වලට යන්න විතරයි (70ක් පමණයි එහි රාජකාරි කරන්නේ..)
මැතිවරණයට මඩ ගැසීමක්...
රටේ මහ ජනතාවට අයිති දේවල්වලින් දේශපාලකයින්ට පින් කරන්න ඉඩ දුන්නට මේ දඬුවම මදි...
මේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ නොසිදුවූ දේවල් නිසා තමයි නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ'. මේ යන විදිහට මොවුන් අන්තිම කාලෙත් පව් රැස් කරගන්නවා වගේම ආයේ ආත්මයක් (දේශපාලන) නැති බව හොඳ හැටි පෙනේ. ජනතාව මෙය හොඳ හැටි තේරුම් ගත යුතුයි. මේ සුද්ධවන්තයින්ට මොනවද පතන්න ඕනෑ?
මැතිවරණ කාලෙදි මේවා විහිළු වග ඕනෑම කෙනෙකුට තේරෙනවා. මේ වගේ කැත වැඩවලින් වංගු දදා තවත් බලයේම ඉන්න කිසියම් කපටියෙක් සිතනවා නම් එය සුදු අලියෙක්.
මෙහෙමත් නාස්තියක්. එ රත්තරන් ටික විකුණලා කී දෙනෙක් මක්කමට යවන්න තිබුණද?
ඔහොම යං..! ඔහොම යං...!!! තව ටික දවසයිනේ... මේ නිවට පාලක රැල වාෂ්පකරලා දාන්න.
එහෙනම් දුටුගැමුණු රජතුමාටත් විරුද්ධව නඩුවක් දාන්න එපැයි අතීතයට බලපාන පරිදි රුවන්වැලි මහා සෑය හැදුවා රත්තරන් එහි තැන්පත් කළා කියලා. අනෙක්එක රාජ කුන්තය තැන්පත් කරලා මිරිසවැටිය හදලා විශ්වාසය කඩ කලා කියලා.
ඔව් ඔව් කසුන්.... අපි ආපහු මිනීමරුවන්ට රට දෙමු.
රත්තරන් කිලෝ 8 තිබෙන තැන අර නිධන් හාරන්න දැන් දන්නවා.
මේ රට සෞදි අරාබියද...? රට කරවන එවුන් කෝ? මේ රට තාම සිංහල බෞද්ධ රට...
මේ රත්තරන් සියල්ල රාජසන්තක කරපු ඒවා. රජවරු වුනත් දාගැබ් නිර්මාණය කලේ ගෙදර රත්තරන් ගෙනල්ලා නෙමෙයි.
කොහොමද රනිල් මාමගේ ටිකිරි මොලේ? තව දවස් 50කින් කට්ටිය නිදොස්කොට නිදහස්...
හැම දෙයකටම පිළිවෙලක් ක්‍රමයක් තියනවා. ඒවා පිළිපදින්නේ නැතිවුණාම අමාරුවේ. බෞද්ධ වැඩ කියලා වුණත් කෙටි මාර්ග ගත්තම ප්‍රශ්න තමයි. මේක බොහෝ අයට තේරෙන්නේ නැහැ. එක්කෝ තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා...
රත්රන් නිධන් කළා.. සඳහිරු සෑයේ තව කොච්චර දේවල් නිධන් කරලා ඇත්ද?
ඇවන්ගාර්ඩ් වැරදුණු තැන තවත් එකක් හොයාගෙන වගෙයි....
ඉස්සර කාලෙ රජවරුන් නිධන් තැන්පත් කලේ ඕනෑ වුණාම ගන්න (රජවරුන්ගේ පාවිච්චියට). මම නම් හිතන්නේ අද කාලේ රජවරුත් එහෙමයි. නිධන් යනු සාමාන්‍ය වැසියාට වන්දනීය අදහසක් මතුකරන නමුත් තැන්පත් කරන අයට එය රහස් වස්තුවක්...
මෙහෙ දාගැබ ගැන හොයා හොයා ඉන්න කොට පාතාලේ කුඩු අන්ජු මරණ වරෙන්තු මුහුණු පොතේ දාලා. මේ රටේ ආණ්ඩුවක් තියෙනවද? හරියට සෝමාලියාව වගේ... සන්නද්ධ කල්ලි පාලනය කරන්නේ. දේශපාලුවන්ට සැප දෙන්නේ මොකටද? එක අතකට පාතාලයන්ගේ මගුල්වලට පොලිස් ආරක්ෂාව දෙනකොට, ගල්කිස්සේ හෙලිකොප්ටරයෙන් මල් ඉස්සන කොට, පාතාලේ මර්දනය කල නිලධාරින් හිරේ දානකොට එහෙම වෙනවා තමයි.
රනිල් එක්ක ඉන්න ආණ්ඩුව පටන් ගන්නේ මහින්දට ගහන මඩක් කියලා, ටිකක් දුර ගිහිල්ලා එයාලම එරෙනවා. මේවා නීත්‍යානුකූලව, ගත්තු දේවල්. එළාර යුද්ධය ඉවර කරලා දුටුගැමුණු රජතුමා හැදුව රුවන්වැලි සෑය වගේ LTTE කොටි ත්‍රස්තයින් පරාද කරලා සඳගිරි සෑය හදන්න පටන්ගත්තා. ඒවාට රාජසන්තක කළ රත්තරන් නැතිව අලුතින් ගන්නද කියන්නේ? රනිල් හැමවෙලාවෙම දැක්කේ තොප්පිගල -කැලයක්, අලිමංකඩ -පාමංකඩක්, සිංහලයා -අන්තවාදියි, දෙමල, තම්බි -හරි අහිංසකයි. ISIS මානුෂිකයි.. බොදුබල සේනාව අමානුෂිකයි, උතුරේ පන්සල් විනාශයි.. යන දොන් ජුවන් ක්‍රමයට විතරමයි .
ප්‍රධානම දේ තමයි රේගුවෙන් නිදහස් කරපු රත්තරන් වලට මොකද වුනේ කියලා හොයන එක... ඒවා ඔය දාගැබේ තැන්පත් කරන්න ඇති කියලා හිතන්න අමාරුයි. ඒවා යන්න ඕනෑ තැන්වලට යන්න ඇති.
පවත්නා නීති රීති අනුගමනය නොකරමින් අරමුදල් පරිහරණය කිරීම නිසා නිලධාරීන් දඬුවම් ලබනවා විය හැකිය. එහෙත් මේවාට නියෝග දෙන දේශපාලකයින්ට දඬුවම් නැහැ. මෙවැනි ක්‍රියාවලට දේශපාලකයන්ටත් දඬුවම් දෙන ක්‍රමවේදයක් රටේ නැත්තේ මොකද? නීති තවදුරටත් මේ දේශපාලකයින්ටත් දඬුවම් දෙන ක්‍රමයක් විය යුතුයි.
තව කොටසක් නිධන් වෙලා තිබෙනවා මැදමුලන බිමේ ..