IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) 

ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  ( 4) තීන්දු කළේය. 

මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.

එහිදී  පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලුතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවා ගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි. අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මළල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

මෙම පෙත්සම ඊයේ (3) සවස ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද දින අධිකරණය හමුවේ කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටළු සහගත බව සඳහන් කළ විජිත් මළල්ගොඩ විනිසුරුවරයා මෙවැනි ක්‍රියාවන් අනුමත කළ නොහැකි බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කළේය.

මෙමපෙත්සමෙන් ලබන 7 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම, එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා  තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති, එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.

 



අදහස් (11)

ජනපතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඉවතට

gobbaya Friday, 04 October 2019 06:26 AM

මේ පෙත්සම දාපු කෙනා මොන දේශපාලන පක්ෂයටද සම්බන්ධ කියලා ජනතාවට කරුණාකරලා කියන්න

:       0       57

saman Friday, 04 October 2019 06:28 AM

නිකන්ම නිෂ්ප්‍රභා කරන්න එපා. මේ වගේ මෝඩ නිෂ්පල දේවල් වලට අධිකරණයේ වටිනා කාලය නාස්තිකරන අයගෙන් අදාළ නඩු ගාස්තුවකුත් අයකරගන්න ඕනේ. ආයේ ඔයවගේ මෝඩ වැඩ නොකරන්න. දැන් මේ පෙත්සම් ගැහිල්ල සෙල්ලමක් වෙලා තියෙන්නේ

:       0       288

RaveendraFriday, 04 October 2019 07:04 AM

ඇත්තටම ඔබගේ අදහස් නිවැරදියි. මිනිසුන්ගේ වටිනා කාලය වැය කර මේ අයගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කරන මෙවන් ජඩ වැඩ වෙනුවෙන් ගරු අධිකරණය දැඩිලෙස අවදානය යොමු කරන්නේනම් එය මහජනතාවට කරන මහත් සේවයකි.

:       0       50

MaheeFriday, 04 October 2019 07:04 AM

ඒක නම් ඇත්ත තමයි.ඒ වුනත් සමහර පෙත්සම් ඇත්තටම අධිකරණයේ කාලෙ කන ඒවාද නැද්ද කියල තීරණය කෙරෙන නිර්ණායක නැති නිසා පිස්සු පෙත්සම් කාරයෝ ගැලවිලා යනවා.

:       0       17

jayath Friday, 04 October 2019 08:42 AM

මේක දැන් සෙල්ලමක් වෙලා නොවැ... නන්නත්තාර වෙච්ච එන්.ජී.ඕ කාරයන්, මේ වගේ දේශපාලුවෝ අධිකරණයත්, ජනපති අපේක්ෂකයෙකුත් සෙල්ලමට අරගෙන... හැබැයි මහත්වරුනේ සමහරවිට හැංගෙන්න තැන් හොයාගන්න වෙන කාලයක් නුදුරේදීම එන්න පුළුවන්...

:       36       75

wimal Friday, 04 October 2019 08:45 AM

යූ.එන්.පී වැඩක්.වෙන කවුද?

:       36       159

චමින්දFriday, 04 October 2019 11:54 AM

ඔහේ තුංමුල්ලේ විමල් නෙවෙයි නේද? මෙත්සිරි සිල්වා හිටියේ මහින්ද ජනාධිපතිතුමාට හිතවත්ව කියලයි අපි නම් දන්නේ... මෙයා දැනටමත් සජිත් දිනාවි කියලා බයවෙලා...

:       58       14

සේන Friday, 04 October 2019 09:53 AM

මෙවැනි අමන වැඩ නොකරන්න ඔහුට දඬුවම් දිය යුතුයි. බඩේ අමාරුවටත් නඩුදානවා.

:       0       11

Appuhami Friday, 04 October 2019 09:58 AM

එන්.ජී.ඕ. සල්ලි විසිකරනවා, ලංකාව තවත් ලිබියාවක් කරන්න.

:       0       60

SLFriday, 04 October 2019 10:51 AM

"අමුතු පරපුරේ " උනුත් ඕකට අයිතියි.

:       0       15

DD Friday, 04 October 2019 10:06 PM

පෙත්සම් කාරයින්ට මොලේ හොඳ නෑ. අපරද සල්ලි ආණ්ඩු, රජයේ කාලය

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site